තමා විවාහ වීමට කැමැත්තක් නොදක්වන බව විටින් විට ප්‍රකාශ කළ ලංකාවේ ජනප්‍රිය නිළියක් වන අනර්කලි ආකර්ෂා හොර රහසේම විවාහ වන්නට යන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
ඇය එසේ විවාහ වීමට යන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සිටින ලාංකික තරුණ ව්‍යාපාරිකයෙක් සමඟ බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. ඇයගේ විවාහ කටයුතු සැලසුම් කිරීම සඳහා ලංකාවෙන් කණ්ඩායමකුත් පිටත් වී ඇති බවටත් අපට වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීම සඳහා අනර්කලි ආකර්ෂාව අප විටින් විට සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යාර්ථ වුයේ ඇය රටින් බැහැරව සිටීම නිසාය. කෙසේ වෙතත් අලුත කසාද බැඳ එම යුවළ ලබන ජනවාරියේ ලංකාවට පැමිණීමට නියමිත බවද වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.