තරු හුට පට

සන්නස්ගලගේ අම්මා පළවෙනිදා එනවාලු

“ අම්මා“ කියන්නේ මේදිනවල  සමාජයේ බොහෝ දෙනා අතර වැඩිවශයෙන් කතාබහට ලක්වෙන නවකතාවනේ.

මේ නවකතාව ලියුවේ ලංකාවේ කවුරුත් හොඳ හැටියට නම අහලා පුරුදු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලනේ.

ඔහුගේ මේ අම්මා කෘතිය පසුගියදා මහරගම යොවුන් රඟහලේදී දොරට වැඩුවා කාටත් මතක ඇති.ඉතින් සන්නස්ගලගේ මේ අම්මා නවකතාවට සමාජයේ බොහෝ දෙනෙකුගෙන් පැසසුම් ලැබෙමින් තියෙන බව නම් අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ.

කොහොම කොහොම හරි මේ කියන්න යන්නේ සන්නස්ගලගේ ඒ අම්මා නවකතාව ඇසුරෙන් අලුතින්ම නිර්මාණය කළ “ අම්මා” ටෙලිනාට්‍ය දැන් ඔබට දෙරණ රූපවාහිනියෙන් නැරඹීමට අවස්ථාව ලැබීම ගැනයි.

ඉතින් අම්මා නවකතාව ඔබ කියවලා තිබුණත් නැතත් දෙසැම්බර් 1 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9.00ට මේ නාට්‍ය ඔබට අලුත්ම අත්දැකීමක් ගේන බව නම් ඉඳුරාම කියන්න ඕන.

නාට්‍ය ගැන සැකෙවින් යමක් කියුවොත්,

මේ නාට්‍ය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ තිළිණ බොරලැස්ස මහතායි.

කලා අධ්‍යක්ෂණ නිලන්තරණසිංහ මහතාත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නිල්මිණි තෙන්නකොන් ප්‍රධාන චරිතයට පණපොවනවා.

වැඩි විස්තර තවත් කියන්නේ මොකටද නාට්‍ය බලලාම ඒ ගැන දැනුමක් ලබා ගන්නකෝ…


IMG_2554
IMG_2613 IMG_2638 IMG_2644 MCD_9198 MCD_9314 MCD_9528 MCD_9613

3 Comments

3 Comments

  1. Muditha

    November 25, 2014 at 10:27 am

    අම්මාට නොසලකපු අයට උනත් කලාව ඇගේ ඇත්නම් අම්මා ගැන දුක වෑහෙන නිර්මාන කල හැකිය

  2. fishinglovers.net

    December 18, 2014 at 4:06 am

    Thanks a lot for the article post.Thanks Again. Will read on…

  3. fishinglovers.net

    December 18, 2014 at 2:57 pm

    Very good blog post.Thanks Again. Great.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!