ලෝකයේ වද වී ගිය ශාඛ විශේෂයක් ලෙස අන්තර් ජාතික රතු දත්ත නාමාවලියේ දක්වා ඇති ශ්‍රී ලංකාවට ආවේණික කෲඩියා සෙලනිකා නම් ශාකය හමු වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීම් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළේ යැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.එහි නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් සඳහන් කළේ පේරාදෙනිය උද්භිද උද්‍යානය සමඟ එක්ව අදාළ ශාකය සංරක්ෂණය සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යෝජිත ගම්පහ – දාරළුව ප්‍රදේශයේ තිබී ශාක පර්යේෂක හිමේෂ් ජයසිංහ විසින් පසුගියදා මෙම ශාකය යළිත් පළමු වරට සොයා ගනු ලැබුවා.1868 වසරේදී මුලින්ම සොයා ගත් මෙම ශාඛයේ නියැදියක් 1911 වසරේ හමුවී ඇති බවට වාර්තා ඇතත්, පසුව එම ශාඛ විශේෂය හමුවූ බවට සඳහනක් නැහැ.මේ අතර, අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගත් පරිසර තක්සේරු වාර්තාවලදී කෲඩියා සෙලනිකා ශාකය පිළිබදව අනාවරණ වී නොමැති අතර, ඒ අනුවයි කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම් සඳහා අදාළ අනුමැතිය ලබාදී තිබුණේ.
කෙසේ වෙතත්, පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ ලෝකයෙන්ම තුරන් වූ ශාඛයක් ලෙසට සැලකෙන පසුබිමක කෲඩියා සෙලනිකා ශාකය මෙරටින් හමුවූ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය යම් තීරණයක් ගත යුතුව ඇති බවයි.
