පශු වෛද්‍ය වරියක් දූෂණය කොට පුළුස්සා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය වාර්තා වනවා.
පසුගිය බදාදා රාත්රියේදී 26 හැවිරිදි වියේ පසුවන මෙම වෛද්‍යවරිය ඝාතනය කර ඇත්තේ ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් සිව්දෙනෙක් විසින්.
වෛද්‍යවරිය සිය යතුරුපැදිය නවතා සේවයට ගොස් ඇති අතර ආපසු එන විට එම යතුරුපැදියේ ටයර් කපා දමා තිබී ඇති අතර එයට උදව් කරන මුවාවෙන් මෙම පිරිස වෛද්‍යවරිය පැහැරගෙන තිබෙනවා.
පසුව ඇයව සමූහ දූෂණයකට ලක්කර මරා දමා තිබෙනවා.
මෙම සිද්ධියට වයස අවුරුදු 20 ත් 26 ත් අතර පුද්ගලයින් හතරදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
