හොංකොං හි වික්ටෝරියා උද්‍යානයේ විචිත්‍රවත් පහන් කූඩු හා ආලෝක සංදර්ශනයක් පවත්වා තිබෙනවා.
වාර්ෂික සරත් ඍතු සැණකෙළියට සමගාමිව එය සංවිධාන කර තිබුණා.
විවිධ ආකාරයේ පහන් කූඩු සහ විදුලි පහන්, වික්ටෝරියා උද්‍යානයේ පැවති ආලෝක සංදර්ශනයට විචිත්‍රත්වයක් එක් කළේය.
සංදර්ශනය නැරඹීමට විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් වික්ටෝරියා උද්‍යානය වෙත පැමිණ තිබේ.
සාම්ප්‍රදායික චීන ජනප්‍රවාද හා මුසුවූ තේමාවන් සංදර්ශනය පුරාවට දැකගත හැකිවිය.
ඒ අනුව යමින් හාවෙකු සඳ දෙස බලා සිටින ආකාරයෙන් ප්‍රදර්ශන භූමියේ ඉදිවූ අලංකාර පහන් කූඩු නිර්මාණයක් ද මෙහි වෙයි.
මේ අතර ඇතැම් පහන් කූඩු නිර්මාණ ෆීනික්ස් සහ පෙගසූස් වැනි මංගල ලකුණු මත පදනම් වී තිබුණි.
හොංකොංහි අනර්ඝතම පහන් කූඩු දැකිය හැක්කේ වික්ටෝරියා උද්‍යානයේ පැවැත්වෙන සංදර්ශනයේදී බව ප්‍රදේශවාසීන් පවසයි.
සංදර්ශන භූමියේ වූ ප්‍රමාණයෙන් විශාල රන් මකරා පහන් කූඩුව වැඩි අවධානයක් දිනාගත් නිර්මාණයක්.
දේශීය කර්මාන්තකරුවන් විසින් නිර්මාණය කර ඇති එය සංදර්ශන භූමියේ වූ විශාලම පහන් කූඩුවයි.
මිට සමගාමිව තවත් ස්ථාන රැසකම අලංකාර පහන් කූඩු සංදර්ශන සංවිධානය කර තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
