නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ගන්න එපා කියලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දැනුම් දුන්න බව ඊයේ වාර්තා වුණා.
ඒ වෙනුවට නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකාවේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත්කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තිරණය ගන්නට හේතුවෙලා තියෙන්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම නිසා කියලා වාර්තා වෙනවා..
චන්දික හතුරුසිංහ ක්‍රිකට් ප්‍රධානීන් සමඟ තිබුණු සාකච්ඡාවේදී මතගැටුම් ඇතිවෙන් ආකාරයේ ප්‍රකාශ සිදුකර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. චන්දික හතුරුසිංහ පිළිබඳව ගත්ත තීරණය අද නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.