සෞදි රජකුමරෙකුට පෙම් කරන හොලිවුඩ් තරුවක් ගැන පසුගිය දවසල විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඇය තමයි ලින්ඩ්සේ ලෝහන්.
නිළියක්, ගායිකාවක් සහ ගීත රචිකාවක් මෙන්ම නිෂ්පාදිකාවක් ලෙසත් හොලිවුඩය පුරා ජනප්‍රියත්වයක් උසුලනවා.
මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුලාසිස් යන සෞදි අරාබියේ වෙසෙන රාජකුමාරයයි ලින්ඩ්සේගේ හදවත දිනාගෙන තිබෙන්නේ.
පැතිරයන ආරංචිවලට අනුව මේ අරාබි කුමරු සහ ලින්ඩ්සේ මේ වනවිට ලොව වටා සංචාරය කරමින් සිටින බවයි පැවසෙන්නේ.
මොහොමඩ් බින් සල්මන් කුමරුට අයිති පෞද්ගලික ගුවන් යානයෙන් තමයි, මේ ගමන් බිමන් සිදුවෙන්නේ.
ලින්ඩ්සේගේ පියා වන රූපවාහිනී නිවේදක මයිකල් ලෝහන් පවසන්නේ තම දියණිය සවුදි රජ කුමරෙකු සමඟ පෙම් සබඳකමක් නොපවත්වන බවයි.
තම දියණිය සහ රජකුමරා අතර තිබෙන්නේ මිත්‍රත්වයක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
“ඒක ගෞරවනීය සම්බන්ධයක්. මගේ දුවට සල්මන්ව හමුවුණේ මැදපෙරදිග සරණාගතයන් පිරිසකට ආධාර කරන්න ගිය වෙලාවකදියි.
ඒ දෙන්නා යාළුවො විතරයි. මගේ දුවට මැදපෙරදිග රටවල බලසම්පන්න හිතවත් පිරිසක් ඉන්නවා. සිරියාවේ රැඳිල ඉන්න සරණාගතයන්ට උදව් කරන්න තමයි මගේ දුව ගියේ. එයා කරපු ඒ යහපත් වැඩ කටයුතු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. අර වගේ ඕපදූප තමයි කියන්නෙ.”

Lindsay Lohan photographerd at the Mercer Hotel in New York City November 9, 2018 by photographer Jenna Greene.

Actress Lindsay Lohan addresses reporters during a news conference at the 2014 Sundance Film Festival, Monday, Jan. 20, 2014, in Park City, Utah. Producer Randall Emmett and Lohan announced the forthcoming production of a new film, “Inconceivable,” in which Lohan will star and co-produce. (Photo by Chris Pizzello/Invision/AP)
