මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් එම දැරියගේ පියා වන උපුල් නිශාන්තගේත් ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසියත් රහස් පොලිසියත් දිගින් දිගටම සිදුකරගෙන යන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ගැන සැලකිල්ලට ගනිමින් මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී ඇති අතරම එසේ අවසර දී ඇත්තේ පියාගේද පූර්ණ එකඟතාවයෙන් බවත් කියවෙනවා.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් 17 හැවිරිදි හා 33 හැවිරිදි සැකකරුවන් දෙදෙනාම මේවන විට නිදහස් වෙලා ඉන්නවා.
ඒත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩායත් ඔහුගේ අයියා බව කියන සමන් ජයලත් නැමැත්තාත් මේවන විට සිටින්නේ රිමාන්ඩ් භාරයෙයි.
මොවුන් දෙදෙනාගෙන් කොණ්ඩයාගේ ඩී.එන්.ඒ වාර්තාව අනූව එය සේයා සදෙව්මි දැරියගේ ඩී.එන්. ඒ හා ගැලපෙන්නේ නැති බවත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා.
කෙසේ හෝ දැරියගේ පියාගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීමට ගත් තීරණයත් අනූව මෙම පරීක්ෂණය තවත් පුළුල් ස්වරූපයක් ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.