නිරූපිකාවක් මෙන්ම යතුරුපැදි ධාවන ශූරියක් ලෙසින් සමාජ මාධ්‍ය කැළඔු සුරූපි Kuzavini elena හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 41 හැවිරිදි වියේ පසු වුණා.
විදෙස් වාර්තා අනුව ඇය සිය යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ. ගිලන් රථය පැමිණෙන විටත් ඇය ජිවතුන් අතර සිටි නමුත් රෝහල්ගත කර ටික වෙලාවකින් ඇය මෙලොව හැර ගොස් තිබුණා.
මෝටර් රථයේ රියදුරු බරපතල තත්ත්වයක පසු නොවන අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
ඇගේ මේ හදිසි වියෝවත් සමඟ අනුගාමීකයින් බොහෝ පිරිසක් සිය ශෝකය පළ කර තිබුණා.
