සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට කල්කටා නුවර අධිකරණයකින් නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැලසුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය’ නමැති අධ්‍යාපන ආයතනයක් සමඟ ඔහු පැවැත්වූ සම්බන්ධතාව ගැන පැහැදිලි කරන ලෙස දැනුම් දෙමින්.
මෙම ආයතනය සිසුන් නොමඟ යැවීම සහ රැවටීම පිළිබඳවත්, එහි සිදුව ඇතැයි කියන වංචා, දූෂණ පිළිබඳවත් මේ වනවිට ඉන්දියාවේ මධ්‍යම විමර්ශන බියුරෝව විසින් පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා.
මෙම සිද්ධියට ෂාරුක් සම්බන්ධ වන්නේ ඉහත ආයතනයේ වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් ඔහු පෙනී සිට ඇති නිසයි. ඔහුට විතරක් නෙවෙයි ඔහුගේ වෙළෙඳ සමාගම වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස් නමැති සමාගමටද, අර ආයතනයේ ප්‍රවර්ධන කටයුතු භාරව සිටින අයින්දම් චෞද්රි නමැත්තාටද මෙවැනිම නියෝග නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ෂාරුක් මෙම ආයතනය ජනප්‍රිය කරවීම සඳහා එහි සන්නාම තානාපතිවරයා (Brand Ambassador)ලෙස කටයුතු කර ඇති බවටද පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කර තිබුණා. මේ අතර මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් පිරිසක් පවසා ඇත්තේ තමුන්ව මෙම ආයතනයට බැඳෙන්නට පෙළඹවූයේ ෂාරුක් ඛාන් පෙනී සිටින වෙළෙඳ දැන්වීම් බවයි.
කෙසේ වෙතත් ශාරුක් මෙම ආයතනයේ සන්නාම තානාපතිවරයා බවට වන චෝදනාව ෂාරුක්ගේ නීතිඥයන් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
ඔවුන් පවසන්නේ ෂාරුක් කළේ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම පමණක් බවයි. කෙසේ නමුත් අධිකරණය ඔහුගේ පැහැදිලි කිරීම බලාපොරොත්තුවෙන් සිටින බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.පසුගිය කාලයේ ෂාරුක් සිනමාවෙන්ද තරමක් ඈත් වෙලයි සිටියේ. එයට එක් හේතුවක් වූයේ ඔහු අවසන් වරට රඟපෑ ‘සීරෝ’ නමැති චිත්‍රපටය සිතූ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට අසමත් වීමයි. මේ නිසා ඔහු තමාගේ ඉදිරි චිත්‍රපට ගැන වඩාත් පරෙස්සමින් සැලසුම් කරමින් සිටින බවක් වාර්තා වුණා. නමුත් මේ වනවිට ඔහු අලුත් චිත්‍රපටයක් සඳහා සූදානම් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එයද ලොකු වියදමක් දරා නිපදවන ක්‍රියාදාම (Action) චිත්‍රපටයක් බව පැවසෙන අතර අධ්යක්ෂවරයා වන අලි අබ්බාස් සෆර් සහ ෂාරුක් අතර මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන්.