Gossip

සියල්ල අවසානයේ මාලිංග ක්‍රිකට් ගහන්න වෙනත් රටකට යයි – මහේලටත් නැවතත් අවස්ථාවක්

දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් හඳුන්වාදීම් එකතුවෙනවා.

මෑතකදී එහෙම ආපු හඳුන්වාදීමක් තමයි T10 තරගාවලිය.

ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තවත් අලුත් ක්‍රිකට් තරගාවලියක් ලබන පෙබරවාරි මාසෙත් පැවැත්වෙනවා.

ඒ තමයි අයිස් ක්‍රිකට් තරගාවලිය.

ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධනත් අයිස් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වෙනවා.

එ් වගේම කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබලයෝ වුන ෂයිඩ් අෆ්රිඩි, විරේන්ද්‍ර ෂෙවාග්, මොහොමඩ් කයිෆ් සහ නේදම් මැකලම් වගේ ක්‍රීඩකයෝත් අයිස් ක්‍රිකට් තරඟාවලියට එනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

රෝයල්ස් සහ ඩයමන්ඩ් කියලා කණ්ඩායම් 2 කින් තමයි තරඟ වදින්නේ. එ් වගේම තරඟාවලියේ සියලුම තරඟ විස්සයි විස්ස තරඟ විදියට තමයි පැවැත්වෙන්නේ.

ලබන අවුරුද්දේ පෙබරවාරි 08, 09 දවස් දෙකේ මේ තරඟාවලිය පැවැත්වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!