ගාලුමුවදොරදී පැවැත්වුණු සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලියට ගායන ශිල්පිී චිලී තිලංක සහභාගී වී සිටින ඡායාරූපයක් මුහුණුපොත පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
චිලීගේ මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී ආර්ථිකය ගොඩනැගීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.
තවද ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වීමෙන් පසු ජාති-ආගම් ප්‍රශ්න විසඳා ගත හැකි වනු ඇතැයි ද තමා විශ්වාස කරන බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන්.
චිලී ෆේස්බුක් ගිණුමේ දමා ඇති සටහන පහතින්…
මම කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් සහයෝගය දක්වන්න ප්‍රජාතන්ත්‍රවාදීව මා හට අයිතියක් තියෙනවා.. මගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට දීමට තීරණය කරා.. මොකද ඔහු දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින දක්ෂ, කාර්යශූර දුක හඳුනන නායකයෙක්.. කෙසේ වෙතත් දැනට තියෙන ප්රජාතන්ත්රවාදී පරිසරයට මා කැමති අතර නීතිය හරි ආකාරව ක්‍රියාත්මක වීමද හොඳ ලක්ෂණයකි.. එමෙන්ම ඔහුට රටේ ජාති ආගම් ප්‍රශ්නයත් විසඳා ගත හැකිය යන විශ්වාසය මා සතුව තියෙනවා.. රටේ අාර්ථිකය ගොඩ නැගීම ප්‍රබල කටයුත්තකි.. එයද එලෙස ඉටු කරාවි යැයි අනාගත ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙමි..
නමුත් ලෝකෙට පේන්න නෙමෙයි, මම පෞද්ගලිකවයි සහය දක්වන්නෙ. හැමෝම මගේ ඡායාරෑපයක් දැකපු නිසා තමයි මේ සටහන කලේ… ජය ! යනුවෙන් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.
