මහනුවර සිව් මහා දේවාලයේදී ඇසළ පෙරහැර නිමිත්තෙන් කප් සිටුවීමේ චාරීත්රය අද අලුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් සිදුකර තිබෙනවා.
ඊයේ දිනයේ දී කප් සිටුවීම සදහා කප කැපීමේ චාරිත්‍රය අලුත් නුවරදී තෝරාගත් කිරි ගසක් සුබ නැකතින් රිදී පොරවකින් කපා සෙත් පිරිත් මධ්‍යයේ සිදුකර තිබෙනවා.
එම චාරිත්‍රයෙන් අනතුරුව දින 5ක් පුරා දේවාලයේ අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අතර මහනුවර ප්‍රදේශයේ කඩවත්සර, අලදෙනිය, ගඟවට කෝරලේ, පේරාදෙණිය, කටුගස්තොට, අඹතැන්න, මඩවල,මැණික්හින්න,දිගන වගේම තලවතුඔය ප්‍රදේශවල සියලුම සුරාසැල් අගෝස්තු 5 වන දා සිට 15 වනදා දක්වා වසා තබන ලෙස සුරාබදු දෙපාර්තුමේනතුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
පෙරහැරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 7000කට වැඩි පිරිසක් යොදවා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර තිබෙනවා.
