විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහභාගි වූ විලාසිතා දැක්මක් මෙක්සිකෝ සිටි අගනුවරදී පැවැත්වුණා.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සමාජයේ පවතින බාධක ඉවත් කිරීම ඔවුන් සාමාන්‍ය සමාජය වෙතටම පිවිසීම ප්‍රවර්ධනයේ කිරීමේ අරමුණින් මෙක්සිකෝ සිටි අගනුවර විලාසිතා දැක්මක් සංවිධාන කර තිබුණා.
ඒ සඳහා නිරූපණ ශිල්පීන් 19 දෙනෙක් සහභාගිවූ අතර ඔවුන්ගෙන් එකොළොස්දෙනෙකුම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වන අතර ඔවුන්ට ඇඳුම් නිර්මාණය කර තිබුණේ ජාත්‍යන්තරව පිළිගත් ග්වාතමාලා සහ මෙක්සිකෝ ජාතික මෝස්තර නිර්මාණ ශිල්පීන් දෙදෙනායි.
විලාසිතා දැක්ම නරඹන්නන්ගේ දැඩි ආකර්ශනය දිනාගැනීමට සමත් වී තිබුණු අතර එමෙන්ම නිරූපණ ශිල්පීන්ට සිය හැකියාවන් නිරූපණය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් සඳහන් වනවා.
මෙවැනි ඉසව් ඉදිරියේදීද සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි විලාසිතා දැක්මේ සංවිධායකයන් ප්‍රකාශ කර තිබෙන්නේ.
මෙක්සිකෝ ජනගහණයෙන් සියයට හතයි දශම පහක් පමණ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කළ නිවේදනයක දැක්වෙනවා.
ඔවුන්ගෙන් බහුතර කායික ආබාධ සහිත බවත් මෙම පුද්ගලයන්ට අධ්‍යාපනය ලැබීමට හා රැකියාවල නිරතවීමට ඇති ඉඩකඩ සීමා සහිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
