Gossip

විදේශිකයාගේ මුළු නිවාඩුවම බේරූ ආදර්ශමත් රියදුරා..විදේශිකයන් නොමැතිව සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන අවස්ථාවක අපේ රටේ හොඳ මිනිසුන් සිටින බව ලෝකයට දැනුම් දීමට හැකි සෑම මොහොතක්ම ප්‍රයෝජනයට ගත යුතුයි – වීඩියෝ

රුපියල් තුන්ලක්ෂ 60000ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් විදේශිකයාට ලබාදුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියැදුරකු ගැන ඊයේ (02) රාත්‍රියේ දඹුල්ල නගරයෙන් අපිට අහන්න ලැබෙනවා . ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය .

ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු ඊයේ දින පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට ඇවිත් සීගිරිය දඹුලු සංචාරය කොට සුනිල් ශාන්ත මහතාගේ ත්‍රිරෝද රථයකට නැග ලැගුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගිහින් තිබෙනවා.
විදේශිකයාගේ ගමන් අවශ්‍යතාව සපුරා දීලා සුනිල් මහතා සිය නිවසට ගොස් පැයක පමණ කාලයක් ගත කරලා නැවතත් රාත්‍රියේ දඹුල්ල නගරයට ඇවිත් තියෙනවා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු වගයක් මිලදී ගන්න.

බඩුමුට්ටු ටිකත් අරගන ඔහු ඉන්ධන පිරවුම් හලකට ගිහින් සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තියෙනවා දැකලා තියෙනවා.
මෙම මුදල් පසුම්බිය අතට ගෙන විවෘත කර බැලූ ඔහු දැක තිබෙනවා විදේශීය මුදල් නෝට්ටු රැසක් පසුම්බිය ඇතුලේ තිබෙනවා. එහි ලංකා මුදලින් වටිනාකම තුන්ලක්ෂ 60,000 කට ආසන්න මුදලක් තිබුණු බව සුනිල් මහතා පවසනවා..

පසුව මෙම මුදල් පසුම්බිය කිසිවෙකුගේ නොව තමා සමග පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු මේ බව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට දන්වා ලැගුම් හලට පිටත්වෙලා තිබෙනවා..
ඒ විට ලැගුම්හලේ ගේට්ටු වසා දමා තිබුණද ලැගුම්හලේ අයිතිකරුට කතාකොට විදේශිකයා ලැගුම් ගෙන සිටින කාමරයට ගොස් ඔහුට කතා කොට මුදල් පසුම්බිය සුනිල් ශාන්ත මහතා පෙන්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!