මහනුවර දළදා පෙරහැරට ටිකිරි නම් වයෝවෘද ඇතින්න යොදා ගැනීම ගැන සමාජ මාධ්‍ය තුල ලොකු කතාබහක් ඇති වෙමින් තිබෙනවා.
ඊයේ දිනට යෙදී තිබුණු ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නගේ වැහැරුණු සිරුර සහිත ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා.
ඒ තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් වන සෙන්ඩුයීන් චායිලට් විසින්.
අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් පදනමේ පුරෝගාමියෙකු වන ඇය සිය මුහුණුපොතේ මේ සම්බන්ධයෙන් සටහනක්ද තබා තිබුණා.
අඛණ්ඩව දින 10 ක් රාත්‍රී කාලයේදී දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝ මීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරතවීම දුෂ්කර බවත් අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙන බවත් ඇය පවසා තිබෙනවා.
