අවුරුදු 16 විරාමයකින් පස්සේ ඇමරිකාව මේ තීරණයට ඇවිත් තියනවා කියලා තමා වාර්තා වෙන්නේ.
නීතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා රැඳවියන් පස් දෙනෙකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන්න කියලා ඔහු බන්ධකාගාර කාර්යාංශයට උපදෙස් දුන්නා බව.
මෙම වරදකරුවන් පස්දෙනාට එරෙහිව මරණ දඩුවම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී සහ 2020 ජනවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා.
මරණ දඩුවමට නියමවී සිටින පුද්ගලයින් 5දෙනා බාල වයස්කාර ළමුන්,වැඩිහිටියන් දූෂණය කල සහ ඝාතනය කිරීමේ වරදකරුවන් බවට සදහන් කර තිබෙනවා.
1998 සිට 2018 දක්වා ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පුද්ගලයින් 78 දෙනෙකුට මරණ දඩුවම පනවා ඇති අතර ක්‍රියාත්මක කර තිබෙන්නේ පුද්ගලයින් තුන්දෙනෙකුට පමණයි. දඩුවම නියම වූ පුද්ගලයින් 62 තවම සිරගතව ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.