අවුරුදු 10 කට ඉහතදී තම පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘතිම අතක් නිපදවූ තරුණයෙකු ගැන මුලතිව් මල්ලාවී පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවෙකු වන අතර ඔහුගේ පියාගේ අත ට්‍රැක්ටරයක කොටසකට හසුවී මීට වසර 10 කට පෙර දරුණු ලෙස තුවාල ලබා තිබුණා.
එස් දුෂ්‍යන්තන් නමැති මෙම තරුණයාගේ පියාගේ අත රෝහලේදී ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට සිදුව තිබූ අතර ඒ වෙනුවෙන් පියාට කෘතිම අතක් සවි කිරීමට විශාල මුදලක් අවශ්‍ය වී තිබෙනවා.
එය පද්මනාදන් පවුලේ අයට සිහිනයක් වූ මෙහොතක මොහුගේ පුතා එදා සිටම සිය පියාට කෘත්‍රිම අතක් නිෂ්පාදනය කිරීමට උත්සහ කර තිබෙනවා.
මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබෙනවා.
