තරු හුට පට

වටරැක විජිත හිමිගේ රහසඟට ශල්‍යකර්මයක්!

watareka-wijitha2

 

ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියන් කියන්නේ මෑත කාලයේදී මාධ්‍ය ලෝකයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උන්වහන්සේ එ‍හෙම කා අතරත් කතා බහට ලක්වන්න පටන් ගත්තේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපයත් විජිත හිමියන්ගේ ක්‍රියාකලාපයත් එකිනෙකට සැසඳීම තුළයි.

 

 

වටරැක විජිත හිමියන් සම්බන්ධයෙන් මෑත කාලයේ වාර්තා වූ පුවත් අතර මහත් ආන්දෝලනයට තුඩුදුන් කතාව වුණේ කිසියම් පිරිසක් උන්වහන්සේගේ අත් පා බැඳ පානදුර, හිරණ පාළම ළඟ දමාගියා කියන සිද්ධි‍යනේ.

 

 

ඒ කතාවේ ඇතුළු පැත්ත විදියට කියවුණේ උන්වහන්සේගේ ජනනේන්ද්‍රිය බොදුබල සේනා සංවිධානය විසින් තුවාල කර දැමූවා කියන එකනේ. කොහොම වුණත් අන්තිමේදී පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ විජිත හිමියන් විසින්ම ජනනේද්‍රිය තුවාල කර‍ෙගන තවත් කෙනෙකු ලවා අත්පා බැඳගෙන ත්‍රීවිලරයකින් පාළම ළඟට ගෙනැත් දැමූ පුවතනේ.

 

 

ඉතින් ඊට පස්සේ කොළඹ මහරෝහලේ උන්වහන්සේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. පස්සේ පොලීසියෙන් ඇවිත් උන්වහන්සේ අත්අඩංගුවට ගත්තා. ඊටත් පස්සේ මොකද වුණේ බොරු පැමිණිල්ලක් කරලා පොලීසිය නොමඟ යැව්වා කියලා විජිත හිමියන්ට උසාවිත් යන්න වුණා ඔය කියන කතා හොඳටම මතක ඇතිනේ.

 

 

ඒ කතාවෙන් පස්සේ ඇත්තටම විජිත හිමියන්ට මොකද වුණේ කියලා වැඩිමනක් කතා බහට ලක්වුණේ නෑ. ඇත්තටම උන්වහන්සේ හැමෝටම අමතක වෙලා ගියා නේද?. දැන් ඒ අමතක වුණ විජිත හිමියන්ගේ නම ආයෙත් මතක්කර ගන්න තමයි වෙලා තියෙන්නේ.

 

 

ඒ තමයි යතුරු කැරැල්ලෙන් ජනනේන්ද්‍රිය තුවාල කරගත් බව කියැවුණු විජිත හාමුදුරුවන් අද දහවල් ශල්‍ය කර්මයකට හලාවත රෝහලට ඇතුළත් වුණා කියන පුවත. උන්වහන්සේ ‍රෝහලට එහෙම ඇතුළත් වුණේ ශල්‍ය කර්මයකට කිව්වාට හරියටම ඒ මොන ශල්‍ය කර්මයකට ද කියලා තහවුරු නොකළ ආරංචි කිව්වත් ඇත්තම කාරණය අපි හොයලා බැලුවා.

 

 

එහෙම බැලුවාම තමයි මෙන්න මේ වගේ කතාවකුත් ආරංචි ව‍ුණේ. අර යතුරු කැරැල්ලෙන් කරගත් වැඩෙන් උන්වහන්සේගේ අර අහවල් ස්ථානයට විෂබීජයක් ගිහින් ඒ ස්ථානය පැසවලා ශල්‍ය කර්මයකට භාජන කරන්න වුණා කියන එක. ඔන්න ඕකයි අපිට තියෙන ආරංචිය. ඒ ආරංචියේ හැටියට දැන් උන්වහන්සේ හලාවත රෝහලේ 4 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගන්නවා. ඒ  උන්වහන්සේගේ ජනනේද්‍රියේ කොටසක් ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමෙන් පසුව…

 

 

ශල්‍ය කර්මයෙන් පසු වටරැක විජිත හිමියන් රෝහලේ ඇඳේ සිටිමින් මාධ්‍යයට කතා කළේ මෙහෙමයි.

 

”ඔපරේෂන් එකක් කළා.. මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම්… දෙයියනේ.. බන්ධනාගාරයේදී බේත් දැම්මා.. එකෙන් වැඩිවුණා.. ඊට පස්සේ පෞද්ගලික රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩිවුණා…ඉන් පස්සේ තමයි මේ ඔක්කොම නරක් උනේ… අම්මේ…අයියෝ…මම කුරා කූබියෙකුටවත් වරදක් කරලා නැහැ.. මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තියෙන්න ඕන කියලා… අවුරුද්දක් තිස්සේ බොදුබල සේනාව මට කරදර කරනවා.. ගහලා ගහලා මරලා දැම්මේ නැති එක විතරයි.. තවත් ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම ටික විතරයි.. අයියෝ…මම ප්‍රාදේශීය සභාවේ රැස්වීමට යන්න හිටියේ 19 වෙනිදා… පැහැරගැනීමේ කතාව වෙනස් කරේ පොලිසිය.. ඒක පොලීසිය කරේ.. මගේ ජීවිතයේ නින්දා අපහාස කරා…මට කරන්න තියෙන ඔක්කොම කරා.. ඔක්කොම නරක් වෙලා දැන් මගේ ජීවිතෙත් දැන් නැතිවෙන්න යන්නේ… මීට වඩා හොඳයි මාව පුච්චලා ගිනි තියලා දැම්මනම්..”

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!