කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ වැඩිම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ.
ඒ අනුව මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85,000ක් වෙයි.
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වූ චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 81,340ක් වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව 80,589ක් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 532,237ක් වෙයි.
මේ අතර ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 24,089 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ලොව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 8215ක් වෙයි.
ඉතාලියට පසුව ස්පාඤ්ඤයෙන් මරණ 4365ක් වන බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.
චීනයෙන් මරණ 3292ක්, ඉරානයෙන් මරණ 2234ක් සහ ඇමෙරිකාවෙන් මරණ 1300ක් වාර්තා වෙයි.
