තරු හුට පට

ලංකාවේ සටන් ශූරයා අමෙරිකාවේදී වැඩ පෙන්වයි

ශ‍්‍රී ලාංකික බොක්ෂිං ශූරයෙකු අමෙරිකාවේ හූස්ටන්හිදී මංකොල්ලයක් සිදුවන අවස්ථාවක මැද්දට පැන බේරාගැනීමේ සිද්ධියක් නිසා එරට ප‍්‍රවෘත්ති නාලිකාවන්හි ප‍්‍රශංසාත්මක ඇගයුමට ලක්ව තිබේ.

 

පසුගිය 10 වනදා අමෙරිකාවේ හූස්ටන්හි සවුත්වේ  වෙළඳසැලක කැෂියර් කූඩුවේ මයුර දිසානායක නමැති මෙම ලාංකිකයා සිටි වේලාවක එම වෙළඳසැලට වාහනයකින් බැංකුවට ගොස් පැමිණි සහායකයා වාහනයෙන් බසිනවාත් සමඟ මංකොල්ලකරුවන් දෙදෙනෙකු පැන සහායකයාට පහරදෙමින් ඔහුගේ මුදල් සහිත බෑගය උදුරාගන්නට උත්සාහ කර තිබුණි.

 

එම අවස්ථාවේ වහාම ක‍්‍රියාත්මකවූ ශ‍්‍රීලාංකික සටන්ශූරයා මංකොල්ලකරුවන්ට පහරදී සොරකම ව්‍යර්ථ කරනු ලබයි. එක් කොල්ලකරුවෙකු ඔවුන් පැමිණි   පළායන අතර ලාංකිකයාගෙන් පහරකෑ අනෙකා බිම ඇදවැටී අසරණ වෙයි.

 

පසුව මෙම පුද්ගලයාව පොලිසියට භාරදෙන්නට ඔවුන් කටයුතු කර ඇත.

 

මයුර දිසානායක    මිශ‍්‍ර මාෂල් ආර්ට්ස් සටන්කාමියෙකි. බොක්ෂිං ක‍්‍රීඩාවෙහි දිගුවක් වන මෙම සටන් ක‍්‍රමය ආකාර ගණනාවකින් පහරදිය හැකි ලිහිල් නීති ඇති සටන් ක‍්‍රමයකි.

 

ඔහු ඇමරිකාවට ගොස් මෙම සටන් පුහුණුව ලබන අතර පුහුණු කරුවෙකුගේ සහයද ඇතිව සුපර් ෆයිට් ලීගය වෙනුවෙන්ද ඔහු සටන්වදී. වසර 10ක පමණ සටන් අත්දැකීම් ඇති ඔහු ලංකාවේදී හඳුන්වන්නේ ‘ටොප් ගන්’ නමැති අන්වර්ථ නාමෙනි.

 

අමෙරිකාවේ සිටින අතරවාරයේ ගෑස් ස්ටේෂන් එකක් හා අනුබද්ධ වෙළඳසැලක ස්ටෝර් ක්ලාර්ක් කෙනෙකු ලෙස ඔහු සේවය කරයි.  මේ සිද්ධිය සිදුව ඇත්තේ එසේ කටයුතු කරන අතරයි.

 

මෙම සිද්ධියේ සීසීටීවී දර්ශන අමෙරිකානු රූපවාහිනී නාලිකාවන්හි විකාශය කර තිබුණ අතර ඔහුගේ සටන්කාමීත්වය හා අවස්ථානෝචිතව ක‍්‍රියාකිරීම ඇගයුමට භාජනයකර තිබුණි.

 

 

මයුරගේ පහරකෑමට ලක්ව පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ මංකොල්ලකරු 33 හැවිරිදි ඔඩෙලි මැතිස් නමැත්තෙකු බවද ඔහු මෙවැනි සොරකම් පිළිබඳ නම්දැරූ අයෙකු බවද එරට පොලිසිය වාර්තා කර තිබේ

video platformvideo managementvideo solutionsvideo player

mayura-1

2 Comments

2 Comments

  1. Chitral Fernando

    July 29, 2014 at 6:43 am

    We are proud of you man.
    Real lankan.

  2. Chitral Fernando

    July 29, 2014 at 6:44 am

    We are proud of you man.
    A real lankan.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!