Gossip

රුහුණේ චන්ඩි පොලිසිටය බයේ හඬා වැටෙයි..

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවට වාර්තා වෙනවා.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ 1998 අංක 20 දරණ නවක වධ පනත අනුවයි.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන අතර එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී ඇති බවට වාර්තා වෙනවා.

එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා.

මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ව රිමාන්ඩ් භාරයේ තබන්න කියලා පොලිසිය ඉල්ලා තිබෙනවා .ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!