රානු මොන්ඩාල් ගැන පසුගිය දවස් ටිකේම අන්තර්ජාලය පුරා කතා වුණා.
සෙල්ෆියක් ගන්න ආපු කාන්තාවකට රානු මොන්ඩාල් බැනවැදීමේ සිද්ධිය නිසාම ඇය ගැන බොහෝ දෙනෙකු තුල ලොකු අප්රසාදයක්ද ඇතිවුණා.
කොහොම වුණත් නවීන විලාසිතාවකින් හැඩවුණු රානු මොන්ඩාල්ගේ ඡායාරූප කිහිපයක් මේ වෙද්දි අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
බොහෝ දෙනෙකු එය නම් කර තිබුණේ ජෝකර් ලේඩි යනුවෙන්.
රානු මොන්ඩාල් මේ වනවිට 69 වැනි වියේ පසුවනවා.
