එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ.
කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්රදායන්ට ගරු කරමින් එලෙස සිදු කර ඇති බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට සාකච්ඡාවක් පැවැත් වු බව වාර්තා වෙයි.
පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට පමණ එම සාකච්ඡාව ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බව සදහන්ය.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුන් පිරිසක් පමණක් මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව වාර්තා වේ.
