Gossip

යෝජනාවක් කළ සැණින් භාර ගන්නවට වඩා මම කැමැතියි ඒ කෙනාව ඇසුරු කරලා මගේ අදහස්වලට ගැලපෙනවා නම් ඒ යෝජනාව භාර ගන්න – සඳනි ෆෙනැන්ඩෝ

සඳනි ක්‍රිකට්වලට කැමතිද?
ඉස්සර නම් ගොඩක් කැමැතියි. ඒකට හේතුව මගේ පවුලේ අය ගොඩක් වෙලාවට ක්‍රිකට් තරග නරඹනවා. තරග තියෙන දවසට ඉතින් මට රූපවාහිනිය බලන්න ලැබෙන අවස්ථාව අඩුයි. මාත් කරන්නේ ගෙදර අයත් එක්කම ක්‍රිකට් තරග නරඹන එක. දැන් නම් ලොකුවට ක්‍රිකට් තරග නරඹන්නේ නැහැ, අන්තර්ජාලය හරහා තරගවල ප්‍රතිඵල ලැබෙන නිසා.

කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක් එහෙම ඉන්නවාද?
ඔව්, මම මහේල ජයවර්ධනට කැමතියි. ඉස්සර ක්‍රිකට් තරග නරඹනකොට මහේල අයියා පන්දුවට පහර දෙනවා බලන්න තමයි මම ගොඩක්ම කැමතියි.

ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණගැහිලා තියෙනවා?
ඔව්, අවස්ථා කිහිපයකදීම මම සම්බන්ධ වුණ වැඩසටහන්වලදී සංගක්කාර, මහේල හා සචිත්‍ර සේනානායක අයියලා මුණගැහිලා තියෙනවා. ඒ අයත් එක්ක ඉතින් ලොකුවට කතා කරලා නැහැ මම. මොකද, මම හැමෝමත් එක්ක කතා කරනවා අඩු නිසා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනවාක් ආවොත්?
මෙහෙමයි. එහෙම ආරාධනාවක් කළ පමණින් මම භාර ගන්නේ නැහැ. මොකද මම කැමතියි මගේ අදහස්වලට ගැලපෙන, මගේ සිතුම් පැතුම්වලට ගැලපෙන, මට ගොඩක් ආදරය කරන කෙනෙක්ට. යෝජනාවක් කළ සැණින් භාර ගන්නවට වඩා මම කැමැතියි ඒ කෙනාව ඇසුරු කරලා මගේ අදහස්වලට ගැලපෙනවා නම් ඒ යෝජනාව භාර ගන්න.

ඔබ කණ්ඩායමක් තෝරනවා නම් ඔබේ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයෝ කවුද?
මහේල, සංගක්කාර අයියලා දෙන්නා අනිවාර්යයෙන්ම මගේ කණ්ඩායමේ ඉන්නවා. ඊට අමතරව තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, සනත් ජයසූරිය, දසුන් ශානක, සුරංග ලක්මාල්, සචිත්‍ර සේනානායක, මුත්තයියා මුරලිදරන් මම නම් කරන කණ්ඩායමේ ඉන්නවා.

ඔබ ක්‍රිකට් නරඹපු මුල් කාලයේ හා අද ක්‍රිකට්වල වෙනසක් දකිනවාද?
දැන්නම් ක්‍රිකට් තරග නරඹනවා ගොඩක් අඩුයි මම. අනික මම දන්නේ නැහැ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ. සමහර අය අලුත්ම අය. සංගා, මහේල අයියලා ක්‍රීඩා කරන කාලෙ නම් ක්‍රිකට් ගොඩක් හොඳ තැනක තිබුණා. වර්තමානයේ නම් දන්නේ නැහැ ලංකා කණ්ඩායමේ මොන වගේ තැනක ඉන්නවාද කියලවත්.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!