මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ඡන්දය කියන්නේ.
මේ සීතල දෙසැම්බරය ඡන්ද උණුසුමෙන් උණුසුම් වෙලා තියෙන්නේ.
කොහොමවුනත් මේ වෙද්දි ඡන්දය තියන දවසත් ප්‍රකාශ කරලා ඉවරයි. ඒ නිසා මේ දවස්වල ගොඩක් අපේක්ෂකයෝ කාර්යබහුල වෙලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න.
මේ සියලු දේ ඇතුලේ මොනවාහරි දෙයක් කරලා ඡන්දෙ දිනන්න තමයි ගොඩක් අපේක්ෂකයෝ මාන බලන්නේ.
හැබැයි මේ සැරේ නම් ඒක ලේසි වෙන්නේ නෑ.
මේ අයව අල්ලන්න සුනඛ බලකායකුත් මේ පාර ඡන්දෙට ඇවිත් ඉන්නවා. ඒ අනුව පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් 160ක් විතර මැතිවරණ රාජකාරිවලට එකතු කරගන්න හදනවා.
පොලිස් නිල සුනඛ අංශය භාර පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා කියලා තියෙන්නේ රාත්‍රී කාලයේ මුරසංචාර වලට සහ හදිසි මාර්ග බාධකවලට පොලිස් නිල සුනඛයින් යොදවනවා කියලා
මේ දවස්වල නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ගහන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අය යොදා ගන්නවා. ඔවුන් අපේක්ෂකයන්ගේ වාහන වලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවද කියලා පරීක්ෂා කරන්න පොලිස් සුනඛයෝ යොදා ගන්නවා.
මේ විශේෂ පොලිස් නිල සුනඛ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය, ගිණිඅවි පරීක්ෂා කරන්න විශේෂ පුහුණුවක් ලබපු අය කියලා තමයි වාර්තා වෙන්නේ.
ඡන්දෙ ඉවර වෙලත් සති දෙකක් යනකන් පොලිස් නිල සුනඛයින් රාජකාරියේ යොදවනවාලු.
ඉතින් මේ පාර නම් අපේක්ෂකයින්ට නීති විරෝධි වැඩ කරන්න බැරි වෙයි. මොකද මිනිස්සුන්ට වගේ බල්ලොන්ට පගාව දීලා බේරෙන්න බැරි නිසා.
