Gossip News

මිදුලේ සෙල්ලමි කරමින් සිටියදි 7 හැවිරිදි දැරියව සීයා සහ මුනුබුරා දූෂණය කරලා

වයස අවුරුදු 07 ක් වූ දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකරන ලදැයි කියමින් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 60 හැවිරිදි සීයා 14 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්‍ෂ  02 ක ශරිර ඇපමත මුදාහරින ලෙසත් කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය.

තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටි දැරිය නිවසට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. දැරිය තම රහස් ප‍්‍රදේශයේ වේදනාවක් ඇති බව මවට ප‍්‍රකාශ කර ඇති අතර මව කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සීයා සහ මුනුබුරා ඇයට ලිංගික අතවර සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව මව කළ පැමිණිල්ල අනුව පරීක්‍ෂණ පැවැත් වූ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!