පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි විරාට් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය ගැන.
ඒ වගේම කෝලිගේ විවාහ උත්සවයට ලාංකේය ක්‍රිකට් රසිකයෙකුවන ගයාන් මංජුල සේනාරත්නටත් ආරාධනා කර තිබුණා.
ඉතින් මේ සිද්ධිය ලංකාවේ බොහෝ දෙනෙක් ඉතා ඉහළින් අගය කරලා තිබුණා
බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කෑ මොර දෙන මේ සොඳුරු ශ්‍රී ලාංකිකයාව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොවටිනා පුද්ගලයෙකු වූවත් කෝලිගේ මේ ක්‍රියාව තුළින් කෝලි ක්‍රිකට්වලින් වගේම මනුස්සකම අතින්ද ඉතාමත් ඉහලින් ඉන්න බව සියල්ලන්ටම ඔප්පු කර පෙන්වූ බවයි.
මේ වෙනුවෙන් ෆේස්බුක්හී පලවී තිබුණු සටහනක් පහතින්…
“ලංකාවෙ cricket team එකේ කීදෙනෙක් පහු ගිය කාලෙ කසාද බදින්න ඇතිද? එ එකෙක්වත් ground එකෙ උන් වෙනුවෙන් තනියම කෑ ගහන මේ මනුස්සයට ආරාදනා කරලා තියෙනවද??
මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා අපේ ටීම් එකෙ උන් මේ මනුස්සය කතා කරද්දි ගනන් ගන්නෙ නැතුව හෙන වැඩ්ඩො වගේ යනවා.
ලංකාවෙ ගොඩක් මිනිස්සු කුහකයි කියන්නෙ එකටයි.. මැච් දහයකට එක 50ක් ගහලා යන උඹලා නෙමේ බං වැඩ්ඩො.. මැච් දහයකට 100 ඒවා 2ක තුනක් ගහලා මේ වගේ මනුස්ස කමත් හිතේ තියෙන උන් තමා වැඩ්ඩො.. ඉන්දියාවෙ ඉන්න කෝලිට මේ ලංකාවෙ මිනිහට මෙහෙම සලකන්න කිසි හේතුවක් නෑ..
ඒත් උඹලට??
ඔව් කෝලිගෙ ෂෝ එක වැඩි , ගැම්ම වැඩි, සෙවල වැඩි.. එ ඌ ඇත්තටම ground එකේ. ඌ වැඩ්ඩෙක් නිසා..
කට්ටිය ඉතින් දැන් මොනා කිව්වත්..
මටනම් කෝලි ground එකෙත්, පිටතත් වැඩ්ඩෙක්..”
