හැම දෙමාපියෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවට ස්කෝලේ දි හොඳට උගන්නලා උසස්පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්ව විද්යලේ යනවා දකින්න. දෙමාපියෝ බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන තමන්ගෙ දරුවව විශ්ව විද්‍යාලේ යවන්නේ එතනිනුත් හොඳට ඉගනගෙන උපාධි ධාරියෙක් වෙනවා දකින්න. එදාට තමයි දෙමාපියෝ ගොඩක් ආඩම්බර වෙන්නේ . තමන්ගෙ දුව,පුතා උපාධි ලෝගුව ඇඳගන උපාධි සහතිකය අරගන එනකොට ඇස්වලට සතුටු කදුළු උනන්නෙ එකයි.
මෙහෙම ගොඩක් බලාපොරොත්තු තියාගන තමන්ගෙ දරුවව විශ්ව විද්‍යාලයට එවන්නේ ගොඩක් වෙලාවට ගෙදරින් පිට තියන පළවෙනි වතාවට විතරක් වෙන්න පුළුවන්. මෙහෙම ලංකාවෙන් වැඩි ලකුණු අරන් වැඩිදුර අධ්‍යාපනයට එවන දරුවා ටික දවසකින් ගෙදර එන්නේ මට ආයෙ කැම්පස් යන්න බෑ අම්මෙ කියාගන. කොච්චර හේතු ඇහුවත් හේතුවක් කියන්නේ නැතිව ආතතියෙන් තමන්ගෙ දරුවා ඉන්නවා දකින අම්මට තාත්තට ඉගනගන්න ගිය ළමයට මොකද මේ වුණේ කියලා හිතා ගන්න බැරිවෙනවා.
පසුගිය කාලයේ කීපසැරයක්ම අපිට අහන්න ලැබුණා විශ්ව විද්‍යාලට ගිය සිසුන් සියදිවිනසාගන කියලා. ඔවුන් මේ දේ කරගන්න කලින් එක්කො ලියුමක් මාර්ගයෙන් හෝ තමන් ඇයි මෙහෙම දෙයක් කරගන්න හේතු වුණේ කියලා කියනවා. එයින් එළිවෙන්න ගත්තා විශ්ව විද්‍යාල ජීවිතයේ තිත්ත ඇත්ත. විශ්ව විද්‍යාලේ යනවා කියන්නෙ ඉතිම් රැග් කන්න වෙනවා කියන එක කවුරුත් දන්න දෙයක් හැබැයි මේ රැග් කිරිල්ල හින්දා ජීවිත නැති කරගන්න ළමයි පෙළබෙන එක, විශ්ව විද්‍යාල ජීවිතයට සමුදෙන්න තීරණය කරන තැනට පත්වෙන එක සමාන්‍ය රැග් කිරිල්ලට එහා ගිය දෙයක් බවට පසුගිය කාලේ සිදුවුණ සිදුවීම් එක්ක මොනවට එළිවෙන්න ගත්තා.
පසුගිය දා රුහුණු විශ්ව විද්‍යාලේ දර්ශ උදයංග තමන් විශ්ව විද්යලෙදි මේ නවක වදය ගැන ලොකු හෙළිදරව්වක් කළා. ඔහු කියන්නේ විශ්ව විද්‍යාලෙට යන පළවෙනි දවසේ තමන්ටත් දෙමාපියන්ටත් පෙන්න සිනියර්ස්ලා සාදරයෙන් පිළිඅරන් තියෙනවා කියලා. එතනින් පස්සේ ඔහුට ශාරීරික වශයෙන් විදින්න වුණු හැම ක්‍රියාවක්ම ඔහු එකින් එක මාධ්‍යට විස්තර කරනවා.
එම වීඩියෝව පහතින්..