Gossip

මහරෑම උසස් පෙළ ප්‍රතිඵලවලට වෙච්ච දේ මෙන්න – දිවයිනේ සියලුම තොරතුරු පිටවෙයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිටත් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉගෙනුම ලැබූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින්.

මාතර සුජාතා විද්‍යාලය මෙවර උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ එම විද්‍යාලයේ දිලිනි සුනීතා සිසුවිය විසින්.

මාතර සුජාතා විද්‍යාලයේ දිලානි රසාන්තිකා විසින් වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

භෞතිකවිද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රිධන් රුවන්කරන් සිසුවායි.

ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි හෙට්ටිආරච්චි සිසුවියයි.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අද තැපැල් කිරීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිවනවා.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකියි.‍

තවද ඔබේ ඇන්රොයිඩ් ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප් හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැත්වුණා.

විභාගය සදහා පෙනී සිටි අපේක්ෂකයින් ගණන තුන් ලක්ෂ 15,227 ක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!