තරු හුට පට

මන්ත්‍රී බුද්ධික අමුමිරිස් අභියෝගය බාරගත් හැටි

එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, අධ්‍යාපන සේවා නි‍යෝජ්‍ය ඇමති දුමින්ද දිසානායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී අරුණ දීපාල් මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුණිගේ හා කලාකරු කාවිංග පෙරේරාට බුද්ධික පතිරණ එජාප මන්ත්‍රීවරයා විසින් මීළඟ “අමුමිරිස් අභියෝගය” බාරදී වකුගඩු අරමුදලට දායකවන්නැයි ඉල්ලා තිබේ.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද එම අභියෝගය පොල්හේන්ගොඩ බෝධිරණසිංහ පදනම ස්ථානයේදී අද පෙරවරුවේ සාර්ථකව ඉටුකරන ලදී.
එනම් අමුමිරිස් කරල් 3ක් විනාඩි 2කදී කෑමය. ඔහු අමුමිරිස් කරල් 3නේ නැටිද කෑ බව අප වාර්තාකරු කීවේය.

ඔහු එම අභියෝගය ඉටුකර වකුගඩු අරමුදල වෙනුවෙන් සිය පරිත්‍යාගය කළේය.

ජාත්‍යන්තරය පුරා ප්‍රචලිත අයිස් බකට් අභියෝගය වෙනුවට ඔහුට ඉදිරිපත් වූ අමුමිරිස් අභියෝගයට මන්ත්‍රීවරයා එලෙස මුහුණ දෙන ලදී.අමුමිරිස් අභියෝගයට මුහුණදුන් අයෙකු ඔහු දන්න හඳුනන තවත් පස් දෙනෙකුට එම අභියෝගය ඉදිරිපත් කළ යුතු අතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් එම අභියෝගය ඉහත පුද්ගලයින්ට එහිදී ඉදිරිපත් කළේය.

IMG_9226IMG_9244 IMG_9255 IMG_9309 IMG_9314
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!