මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශවලින් මුහුදු සර්පයින් මතුවූ බව කියන සිද්ධිය ගැන හැමෝම වගේ දැන් කතාවෙනවා.
ඒකට හේතුව තමයි මෙය සුනාමියක පෙරනිමිත්තක් බව පැතිර යන කතාව නිසා.
මේ ගැන හොයලා බලන්න අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කතා කළා.
එතනදි ඔවුන් කිව්වේ එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
ශ්‍රී ලංකාවට බලපාන කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් මේ දක්වා හදුනාගෙන නැති බව ඔවුන් සඳහන් කළා.
මඩකලපුව වෙරළ ප්‍ර දේශයට සර්පයන් ගොඩගැසීම සුනාමි අවදානමක් නොමැති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයද පවසනවා.
එම ආයතනය පවසන්නේ මුහුදු ජලයේ ලවණතාවය වෙනස්වීම නිසා මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවයි.


