Gossip

මගේ හස්බන්ඩ් කිව්වේ කලින් හිටියා වගේ ඇග හදාගෙන චරිත භාර ගන්න කියලයි – තෙසාරා ජයවර්ධන

නිළි භූමිකාව පැත්තකින් තියලා තෙසාරා දැන් ලේඛිකාවක් හැටියට කටයුතු කරනවා නේද..?
නිළියක් හැටියට තවම කටයුතු කරනවා. එයින් ඉවත් වෙන්න දැන්ම අදහසක් නැහැ. ඔය අතරතුර තමයි පොතක් ලියන්න ඕන කියලා හිතුවේ. පොතේ නම කළු සමනල්ලු. පොත් වසන්තයට කලින් එය එළිදැක්වූ නිසා පොතට හොද ප්‍රතිචාර ලැබුණා. ඒක ආදර්ශමත් ආදර කතාවක් කිව්වොත් මම හරි. මේ වෙද්දී අපිට අහන්න දකින්න ලැබෙනවා විවිධ විදිහට පවුල් සංස්ථාව කැඩිලා යන විදිහ. විවාහය ඇතුළේ තිබෙන ප්‍රශ්න. ලෝකෙට පෙන්න ඔපේට තිබුණට සමහර පවුල් ඇතුළ බැලුවම කලුයි. සමහර අය බැදීම්වලට රැවටෙනවා. ඒ සියල්ල කියවෙන කතාවක් තමයි කළු සමනල්ලු කෘතියෙන් කියන්නේ. මගේ අම්මගෙයි තාත්තගේ පොත් දෙකත් එක්ක තමයි මගේ පොතත් එළිදැක්වූයේ. ඒකත් මට විශේෂත්වයක් වුනා.

කාලෙකින් එකදිගට රූපවාහිණි තිරයෙන් දකින්න ලැබුනේ නැහැ නේද..?
ඉඩහිටලා සම්බන්ධ වුනාට එකදිගට නිර්මාණවලට සම්බන්ධ වුනේ නැහැ. මම නිදහසේ පියා චිත්‍රපටියට සම්බන්ධ වුණේ ලොකු පුතා ඉපදිලා මාස දෙකෙන්. ඒ නිර්මාණය වැදගත් නිර්මාණයක් නිසා සම්බන්ධ වෙන්න ඕන කියලා හිතුවා. ඒ වගේ වෛශ්නාවී කියන චිත්‍රපටියටත් සම්බන්ධ වුනා. මේ දෙකම තිරගත වුනා. හොද නිර්මාණ ලැබුනොත් ඉදහිට හෝ රගපනවා.

රංගනයට ස්වයං වාරණ දාගත්තේ සැමියාගේ නීති නිසාද..?
කොහෙත්ම නැහැ. එයත් කලාකාමී හිතක් තියෙන කෙනෙක්. මගේ සැමියා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක්. ඔහු හරිම කාර්යබහුල කෙනෙක්. මගේ ලොකු පුතාට දැන් වයස අවුරුදු දෙකයි මාස හතරයි. දුවට තවම මාස නමයයි. මේ දෙන්නම පුංචියි. ඒ නිසා ඒ අයට මගේ මුලිකත්වය දෙන්න ඕන. මේ දෙන්නා එක ලග ලැබුණු නිසා මම දැන් මහතයි. මගේ හස්බන්ඩ් කිව්වේ කලින් හිටියා වගේ ඇග හදාගෙන චරිත භාර ගන්න කියලයි. එහෙම නැතුව එපා කියන්නේ නැහැ.

ඔබ මවක්, බිරිදක්, කථිකාචාර්යවරියක්. ඒ වගේම කලකටයුතුවලටත් සම්බන්ධ වෙනවා. මේ හැම දෙයක් එක්කම මේ ජිවිතේ හරිම කාර්යබහුලයි නිසහසක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද..?
මම දරුවන්ගේ සියලුම වැඩ කරන්නේ තනියම. හැමදාම සතියේ දවස්වල කැම්පස් එකට යනවා. ගෙදර සියලුම වැඩ කරලා දරුවන්ගේ වැඩත් කරලයි මම වැඩට යන්නේ. හැමදාම පාන්දර එක දෙක වෙනවා නිදා ගද්දි වැඩ අවසන් කරලා. පාන්දර හය වෙද්දී අවධිවෙලා සියලු වැඩ කරලා වැඩට යන්නේ. කාර්යබහුලකම එක්ක වෙහෙසකර බව දැනෙනවා. නමුත් දරුවන් එක්ක සැමියා එක්ක කාලය ගත කරද්දී ඒ විඩාබර බව දන්නේ නැහැ. මේ වගකීම් එක්ක කොහොමත් ජිවත් වෙන්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්භාවය. නමුත් ඒ සියලුම වැඩ මම කරන්නේ හරිම සතුටින්.

ඔබ කලාවෙන් ඈත් වෙන්නේ ජනප්‍රියම කාලේ. විවාහයත් එක්ක කලාවෙන් දුරස් වෙන්න වුනු එක ගැන ඇත්තටම දුකක් නැද්ද..?
මම 2011 වර්ෂයේ ඉදලා නවසීලන්තයේ ගියා ආවා. මගේ පවුලේ අය එහෙ හිටපු නිසා. 2015 අවුරුද්දේ විවාහ වුනා. ඒ දේවල් එක්ක සමහර වෙලාවට දුකක් ලෝබකමක් හිතෙනවා. නමුත් මම ඊට වඩා සතුටු වෙනවා මගේ පවුල් ජීවිතය සාර්ථක වීම ගැන.

දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා දැන් විලාසිතා ගැන උනන්දුවක් නැද්ද කියලත් කියමු..?
මම විලාසිතා වැඩිය භාවිතා කරන කෙනෙක් නෙමෙයි. රාජකාරිය එක්ක සාරිය අදින්න ඕන. ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් ඉන්න තමයි හිතන්නේ. ලොකුවට විලාසිතා කරන්නේ නැහැ.

කලාතුරකින් දකින්න ලැබෙන නිසා ඔබව රසිකයින් හදනාගන්නෙත් නැතිව ඇති..?
ඔව්. ඉස්සර වගේ අදුරගෙන කතාබහ කරන අය අඩුයි. මාව අදුරන්නේ නැති තරම්. මගේ කටහඩ ඇහුනු ගමන් සමහර අය අහනවා අහවලා නේද කියලා. ඉස්සර එහෙම නැහැ. ගොඩක් ප්‍රතිචාර ලැබුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!