ලෝකයේ විශාලම පොත් ප්‍රදර්ශනය ලෙස ප්‍රකට බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය තුන්වන වරටත් මෙරට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ 18 – 27 දක්වා දින 10 කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) පැවැත්වීමට නියමිත අතර ප්‍රදර්ශනය සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා සහ සිකුරාදා සිට ඉරිදා අඛණ්ඩව පැය 24 පුරාවට පැවැත්විමට නියමිතයි.
