Gossip

බාලවයස්කාර පෙම්වතියට පාසලේ නැටුම් කාමරයේදී අතවර කළ පාපතර පෙම්වතාට ලැබුණු අමතක නොවන දඩුවම

වයස අවුරුදු 14 මාස 8 ක බාලවයස්‌කාර සිසුවියක්‌ සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වා පසුව ඇය ඉගෙනුම ලැබූ පාසල වෙත රාත්‍රි කාලයේ කැඳවාගෙන ගොස්‌ එම පාසලේ නැටුම් පුහුණු කාමරය තුළදී ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 20 හැවිරිදි පෙම්වතාට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට (පෙම්වතාට) එරෙහිව අධිචෝදනා භාර දෙන ලදී.
මෙහි විත්තිකරු පමණුගම පදිංචිකරුවෙකි. නඩුවේ පැමිණිල්ලෙන් අනාවරණය වන පරිදි බාලවයස්‌කාර සිසුවිය සමග මෙහි විත්තිකරු ප්‍රේම සබඳතාවක්‌ පවත්වා තිබෙනවා.
මෙම අතවරය සිදුවූ දින උස්‌වැටකෙයියාව ප්‍රදේශයේ දේවස්‌ථානයක වාර්ෂික මංගල්‍ය තිබී ඇත. එම අවස්‌ථාව වනවිට රෑ බෝවී තිබී ඇත.
එහිදී විත්තිකරුට තම පෙම්වතිය වන සිසුවිය හමුවී ඇති අතර විත්තිකරු විසින් ඇය ඉගෙනුම ලබන පාසල වෙත රාත්‍රි කැඳවා ගෙන ගොස්‌ ඇත. පසුව විදුහලේ නැටුම් පුහුණු කාමරය තුළදී විත්තිකරු විසින් සිසුවිය දූෂණය කළ බවත් එම අවස්‌ථාවේ ඔත්තු බැලීම සඳහා අතවරයට පත් සිසුවියගේ මිතුරියක්‌ නැටුම් කාමරය අසල රැඳී සිටි බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
අධිචෝදනා පත්‍රය විත්තිකරුට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වූ විත්තිකරුට සුදුසු ඇපයක්‌ ලබා දෙන ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත ජනකසිරි සම්පාය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දශ ලක්‌ෂයක ශරීර ඇප මත අත්අඩංගුවට මුදා හැරීමට නියෝග කළේය.
විත්තිකරු විසින් මෙම ලිංගික අතවරය 2016 ජුලි මස 28 වැනි දින උස්‌වැටකෙයියාවේදී සිදු කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.
රජයේ අධිනීතිඤ දේශාන්ති කංකානමගේ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඤ ප්‍රියන්ත ජනකසිරි සම්පාය මහතා පෙනී සිටියේය. පමුණුගම පොලිසියේ සැරයන් (27555) මංජුල නිශාන්ත මහතා පැමිණිල්ලට සහාය විය. වැඩිදුර විභාගය පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!