පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් විවෘත වරෙන්තුවක් ගෙන තිබූ බව ආරක්ෂක අංශ රජයට බාරදුන් වාර්තාවක සඳහන් වන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.
ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ එවකට ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගේ උපදෙස් මත මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ඕ පෙරේරා මහතා විසින් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ගෙන මාස 4 කට අඩු කාලයක් එනම් 2018 ඔක්තෝම්බර් මස 25 වන දින ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්වූ බව ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බවට අදාළ පුවතේ දැක්වෙනවා.
අද රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හමුවූ ආරක්ෂක ප්‍රධානීන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත බාරදීමට පියවර ගෙන තිබෙනවා
ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා ඇත්තේ මූලධර්මවාදී කරුණු ඉස්මතු කරමින් වීඩියෝ පට හා ඡායාරූප වෙබ් අඩවි සහ මුහුණු පොත භාවිතා කරමින් ප්‍රචාරය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරු අනුව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ සහාය පතන බවයි.
ඊට අමතරව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් විදේශගත විය හැකි බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදන ලබා ගැනීමට කටයුතු කරන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉහත වරෙන්තුව ගෙන මාස 4 ක කාලයක් ඇතුළත් ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරික්ෂණ අඩාල විනැයි ආරක්ෂක ප්‍රධානීහු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවේ පවසා තිබෙන බවට එම පුවත්පත වාර්තා කර තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන හරියටම මාස 06 සම්පූර්ණ වෙද්දී තවුහිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ නායකත්වයෙන් මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය එල්ල වූ බවද ආරක්ෂක ප්‍රධානීහු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් හමුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා.