10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බලහත්කාරයෙන් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක පාළු ස්ථානයකට රැගෙන ගිය බව කියන ඖෂධ බෙදාහරින්නකු කොටු කරගැනීමට කුලියාපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. අදාල ව්‍යාපාරික ස්ථානයේ සිටි විමසිලිමත් පිරිසක දැනුම්වත් කිරීම මත එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි කුලියාපිටිය පොලිසිය පවන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල, තල්කොටේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු ඖෂධ හල් සඳහා එක්තරා සමාගමක ඖෂධ බෙදාහරින්නෙකු බවට වාර්තා වෙනවා. එලෙස සිය වෘත්තිය සඳහා කුලියාපිටියට පැමිණ තිබූ අවස්ථාවක ඔහු දැරියට බලහත්කාරකම් කිරීමට තැත්කර තිබෙනවා.
මෙම සිද්ධිය සිදුවූ දිනයේදී දැරිය පුද්ගලික උපකාරක පන්තියකට පැමිණ ඇති අතර දැරිය සිය මිතුරියන් පැමිණෙන තෙක් එම වෙළඳ සංකීර්ණයේ පහත මහළයේ රැඳී සිට තිබෙනවා. එහිදී එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු වින්ඳිත දැරියගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් රැගෙන දෙවැනි මහලට ගොස් ඇති අතර එහිදී ජංගම දුරකථනය ලබා දෙන්නට බැව් කියමින් ඉහළ මාලයට කැඳවා ගෙන තිබෙනවා.
කෙසේ නමුත් එම සිදුවීම දුටු ව්‍යාපාරික ස්ථානයේ සිටි විමසිලිමත් පිරිසක් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්ඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.
