තරුණියක් විවාහ වෙනවා කියන්නේ ජීවිතේ වටිනාම සිහිනයක් සැබෑ වීම.
විවාහය දවසේ තරුණියකට තමන්ගේ අම්මා තාත්තා සහෝදරයින්ගෙන් ඈත් වෙලා වෙනම ලෝකයකට පාතබන්න සිද්ධ වෙනවා.
ඉතිං අපි මේ කියන්න යන්නේ එවන් තරුණියක් ඇගේ සුරතලාද නිවසේ තබා යන මොහොතක තම සුරතලා තුරුලට ගෙන සිටින ඡායාරූපයක් ගැනයි.
මේ ඡායාරූපයට ලියැවුණු අපූරු නිසදැසක් අන්තර්ජාලයෙන් අපට හමුවුණා. වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එය මෙලෙස අපි අරගෙන එන්න හිතුවා.
නුඹ පුංචි දා සිට ඇතිකලේ මං ආදරෙන් රත්තරන්…
දීග යන දින අරං යන්නට බැරිය නුඹ මට රත්තරන් ..
හුරතලේටම දුවන් අවුදින් තුරුලුවූ හැටි රත්තරන්..
මතක් වෙනකොට දාලා යන්නේ කොහොමද මගේ රත්තරන්…
දීග යනවිට නුඹලා අරගෙන ගිය අපේ ගැමි දියණියන්..
ලෙසින් අරගෙන යන්න ඇත්නම් අරං යනවා සත්තකින්…
ඒත් වස්තුව මමද යන්නේ අලුත් රටකට හෙට ඉදන්..
අන්න ඒකයි නුඹත් අරගෙන යන්න නොහැකිත් ඒ ලෙසින්..
පුතෙකුත් අරං නුඹ බලන්නට ඉක්මනින් මං එනකොට…
දුවන් එනවද නුඹේ දරුවනුත් අරං මගේ තුරුලට..
නුඹව දාල පිටත් වන්නට නැකත දැන් හරි වස්තුව…
දෙන්න අවසර යන්න දුරකට නුඹෙන් සමුගෙන මට..
