Gossip

නාට්‍යක චරිතයක් නිසා අද කොහේ ගියත් ප්‍රේක්‍ෂකයින්ගෙන් මට බැණුම් විතරයි – නදීෂා අලහප්පෙරුම

අලහප්පෙරුම මේ දිනවල ගත කරන්නේ තරමක් දුකකින් කිව්වොත් හරි.
ඇත්තම කිව්වොත් නාට්‍යක චරිතයක් නිසා අද කොහේ ගියත් ප්‍රේක්‍ෂකයින්ගෙන් මට බැණුම් විතරයි. සමහර ප්‍රතිචාර දිහා බැලූවාම ඒ ගැන කියන්නත් බැරි තරම්. හැබැයි ඉතින් බැණුම් ඇහුවත් මට තියෙන්නෙ ලොකු සතුටක්. මොකද මම මට ලැබුණු ඒ නපුරු චරිතයට හොඳ සාධාරණයක් කරලා තියෙන නිසා. මගේ සැමියා පවා කියන්නෙ ඔයා දුක් වෙන්න එපා, ඔයා ඒ චරිතයට හොඳ ජීවයක් දීලා තියෙන නිසා තමයි ඔයාට ඒ විදියේ ප්‍රතිචාර ලැබෙන්නෙ කියලයි.

මේ විදියට සැර චරිත විතරම ද නදීෂාට ලැබෙන්නෙ?
අනේ මන්දා. මගේ පෙනුම නිසා ද දන්නෙ නැහැ. හැබැයි මුල් කාලයේදී අහිංසක චරිත ලැබුණා. ඒත් මිනිස්සු අතරට ගියේ මම කළ දඟකාර නපුරු චරිත.

ඇත්ත ජීවිතේ කොහොම චරිතයක් ද?
ඇත්ත ජීවිතයේ මම හරිම සංවේදී චරිතයක්. මගේ වටා සිටින අය මට පුංචි දුකක් හරි දුන්නොත් ඒ වෙලාවට මට ටිකක් කේන්ති යයි. මම ආදරය කරන මට ආදරය කරන මගේ වටා සිටින මගේ පවුලෙ අය මට දුකක් දුන්නොත් මම ටිකක් නපුරු වෙනවා.මං ආදරය කරන, මට ආදරේ කරන අය කවුද?සැමියා, දරුවෝ, නෑදෑයෝ, යාළුවෝ ඇතුළු පිරිස.

කේන්ති ගියාම කොහොම ද එය පිට කරන්නේ?
චුට්ටක් විතර කෑ ගහලා හයියෙන් අඬන එක තමයි කරන්නේ.

නාට්‍යයක් නිසා මිනිස්සු බණිනවා කිව්වනේ. ඒ ප්‍රතිචාර ඔබගෙ මූණටම කියනවා ද?
මූණටම නම් බණින්නෙ නෑ. ඒත් සමහර අය මාව දැක්කාම රවාගෙන, ඔරවාගෙන යනවා. ‘ඔය ගෑනිව අහු වෙද්දෙන්කො හොඳ වැඩක් කරන්න’ කියලා සමහරු ප්‍රතිචාර දක්වලා තිබෙනවා. සමහර ප්‍රතිචාර දැක්කාම බයත් හිතෙනවා.

නදීෂා කොහොම ද සැබෑ ජීවිතය? එයත් රඟපෑමක් ද?
ජීවිතය කියන්නෙ රඟපෑම නෙවෙයි. රඟපෑම කියන්නෙ ලෝකයේ තියෙන ඉහළම වෘත්තියක්. රංගන ශිල්පිනියක් වීම ගැන හරිම සතුටුයි. ජීවිතය කියන්නෙ දුක සැප දෙකම තියෙන දෙයක්. එතැනදී ලොකු බලාපොරොත්තු අපේක්‍ෂා මට නැහැ. මධ්‍යස්ථව ජීවිතය දිහා බලන්න පුරුදු වෙනවා. නොලැබුණු දේට වඩා ලැබුණු දේ සතුටින් බාර ගන්න කෙනෙක්.

නදීෂා කිව්වාම මොන වගේ චරිතයක් ද?
හංගන්න කියලා දේවල් ජීවිතේ මට නැහැ. ඔළුව කෙළින් තියාගෙන ජීවත් වන කෙනෙක්. කාන්තාවක් ලෙස ආඩම්බර වන කෙනෙක්. දරුවෝ දෙන්නාට ඉතාම හොඳ මවක්. ලැබෙන දේ එක්ක සතුටින් ජීවත්වන චරිතයක්. කලාවට සම්බන්ධ වීම පොඩි කාලයේ ඉඳලාම තිබුණු හීනයක්. නමුත් ආසා කරන වෘත්තියක නියැලීමට ලැබීම පිනක් කියලයි මට හිතෙන්නේ.

ඇයි කලා අංශයටම එන්න හිතුවෙ?
විශ්වාස කරන්න වයස අවුරුදු තුන හතරෙ වගේ වයසෙ ඉඳලාම තිබුණෙ කලාව ගැන වූ ආසාවයි. හැමෝම කරන දේ කරන්න හිතුවෙ නැහැ. වාසනාවකට මම ප්‍රාර්ථනා කළ දේ ලැබුණා.

සැමියා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් වීම නිසා මේ ගමනට එය පහසුවක් වුණා ද?
වෘත්තිය තේරුම් ගැනීම නිසා ප්‍රශ්න නම් හරිම අඩුයි. ක්ෂේත්‍රය ගැන නොදන්නා කෙනෙක් එක්ක ජීවත් වීම ඇත්තෙන්ම අසීරු දෙයක්. හැබැයි සමහර වෙලාවට ක්ෂේත්‍රයේ තියෙන යම් යම් දේ එක්ක මට සමහර චරිතවලට කතා කරලා නැහැ. ඒත් අමිල කලාවට සම්බන්ධ නිසාම මට මේ ක්ෂේත්‍රයේ ගමනක් යාම පහසු වුණා.

දරු දෙදෙනකුගේ මවක ලෙස රඟපෑමයි ගෙදර දොර කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන් ද?
දරුවො ලැබෙන්න කලින් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒත් ඕනෑම කාන්තාවකට වගේම මටත් යුතුකම් කරන්න තියෙනවා. මේ දෙකම සමබරව කරන්න අසීරු වුණත්, කාන්තාවක ලෙස ඒ අභියෝගය බාර ගැනීම වැදගත්. මෙහිදී මුල් තැන පවුල් ජීවිතයටයි. ඒත් අද තියෙන සමාජ වාතාවරණය එක්ක කාන්තාවටත් ස්වාධීන වෙන්න ඕනෑ. මේ වෘත්තියේදී අමිල වගේම එයාගෙ අම්මා තාත්තා, මගෙ අම්මා ඇතුළු ඔක්කෝමලා මට උදව් කරනවා.ඔබගේ දියණිය සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා.

ඇයි කුඩා කාලයේදීම ඇයවත් කලාවට යොමු කළේ?
කලාව යනු ලෝකයට ආදරය කරන්න, සංවේදීව හිතන්න පුරුදු කරන තැනැක්. ලොකු ලොකු ජොබ් කරනවාට වඩා මේ කලාවේ යමක් කිරීම එක අතකට භාග්‍යයක්. දියණිය කැමැති දේට මාත් අමිලත් උදව් කරනවා. ඒත් එයාලාට බලපෑම් කරන්නෙ නැහැ. සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක රඟපෑමට ලැබීම ලොකු භාග්‍යයක්. ඒක තනිකරම දුවගෙ වාසනාවට වෙච්ච දෙයක්. බොහෝ දරුවන් මේ චරිතය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටියා. නමුත් මේ අවස්ථාව ලැබුණෙ අපේ දුවට. අපේ හිතවත් සහෝදරයෙක් තමයි දුව ගැන රේණුකා බාලසූරිය මහත්මියට කියලා තිබුණේ. මේ චිත්‍රපටයෙ හැමෝම වගේ දියණියට උදව් කළා.

ෂූටින් බලන්න ඔබත් ගියා ද?
මම තමයි එක්කගෙන ගියේ. සුනාමි චිත්‍රපටය ලංකාවේ මෙතෙක් නිර්මාණය වූ දැවැන්ත නිර්මාණයක්. එවැනි නිර්මාණයක මටත් නොලැබුණු අවස්ථාවක් දුවට ලැබීම ඇත්තටම ලොකු සතුටක්.

ඊට කලින් දුව රඟපාලා නැද්ද?
නැහැ. මේ තමයි කැමරාවක් ඉදිරියට ගිය පළමු අවස්ථාව. මුලින්ම ටිකක් බයෙන් හිටියේ. ඒත් සෝමරත්න දිසානායක මහතාට ළමුන් එක්ක වැඩ කරලා තියෙන්නේ අත්දැකීම් සම්භාරයක්. ළමයින් හසුරුවා ගන්න හැටි එතුමා දන්නවා. එතුමා එතුමාට අවශ්‍ය රංගනය දුවගෙන් උකහා ගත්තා.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!