මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙච්ච තරුවක් තමයි ජනප්‍රිය ඒ වගේම දක්ෂ නිළියක් වන දුලිකා මාරපන කියන්නේ.
ඔයාලා දන්නවාද දුලිකා ගැන මේ දවස්වල කතාබහට ලක්වෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා.
ඒ දුලිකා දැන් පෙම්වතියක්ලු. ළඟදීම විවාහ වෙන්නත් සුදානමින් ඉන්නවා කියලයි ආරංචිය.
ඉතින් ඒ ගැන හරියටම දැන ගන්න අපි දුලිකාට කතා කරලා බැලුවා.
එතකොට දුලිකා නම් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“මෙහෙමයි කියන්න තරම් ලොකු විස්තරයක් නෑ. මනුස්සයෙක් වුණාම කවදාහරි දවසක අනිවාර්යෙන් කසාද බඳින්න අවශ්‍යයිනේ. නැත්නම් තව ටික කාලයක් මෙහෙම හිටියොත් වයසට යනවානේ.”
දුලිකා එහෙම කියද්දි අපි අහුවා දුලිකාගේ සහකරුවා ගැනත් කියන්න කියලා.
එතතොට දුලිකා මෙහෙම කිව්වා අපිත් එක්ක.
“මුලින්ම නම් මගේ සහකරුවා නියෝජනය කළේ මගේ ක්ෂේත්රය නම් නෙවෙයි. එත් දැන් නම් මගේ ක්ෂේත්රයම තමයි නියෝජනය කරන්නේ. ඒත් කලා ක්ෂේත්රය තුළ වෘත්තීය මට්ටමින් නියෝජනය කරන්නේ නම් නෑ. වැඩි විස්තර ඔයාලට ඉදිරියේදී දැන ගන්න ලැබෙයි.”

Tanu
February 12, 2014 at 6:49 am
You are my fav actress… I wish you all the very best..