කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් කළ ශීඝ්රගාමී දුම්රියේ ගැටී කඳාන පොල්ලිතිමූකලාන කොස්පැලෑන පදිංචි තිළිණි චතුරිකා නැමති විසිපස්වන උපාධිධාරිනියක් මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
ආනියාකන්ද රෝහල දෙස සිට පැමිණි යතුරු පැදිය දුම්රිය සංඥා නාද වීමත් සමඟ නතර කරගන සිටියත් අත්වැරදීමකින් යතුරුපැදිය රේස් වෙලා ඉස්සරහට ගිහින් දුම්රියේ වැදිලා මේ අනතුර වුණා කියලා තමා රාගම පොලිසිය කියන්නේ.
මෙම සිද්ධිය දුටු අයෙකු කියන්නේ හරස් මාර්ගය හරහා දුම්රිය ධාවනය වෙමින් තියන අතරතුර අවසාන මැදිරිය දෙසට එකපාරට යතුරුපැදිය ඇදීගොස් අනතුර සිදුවුණු බවයි. ඇය ජාතික ජල හා ජලප්රවාහන මණ්ඩයේ සේවය කරන අතර සේවය නිමවෙලා ඇය ගෙදර එන අතරතුර මෙම අනතුරට මුහුණ දීලා තියනවා.දුම්රියේ වැදී බරපතල තුවල ලබා සිටියදී රාගම රෝහලට ඇතුළත් කළද ඇගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවෙලා තියෙනවා.