සිය නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වෙනවා.
මාර්ග පිළිසකරකර දෙන බවට වූ පොරොන්දුවක් නගරාධිපතිවරයා ඉටුනොකිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර තිබුණා.
මෙක්සිකෝවේ චියාපාස් ප්රාන්තයේ නගරයක නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිමදිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා තිබෙනවා.
මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම හේතුවෙන් මෙම නගරාධිපතිවරයාට මීට පෙරද ගොවීන්ගෙන් ප්රහාරයක් එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් එකොළොස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදුවීමෙන් පසුව ප්රදේශයේ ආරක්ෂාවට අතිරේක පොලිස් නිලධාරීන්ද යොදවා තිබුණි.
