තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නෑ.
අප්‍රමාණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්න තාත්තා කෙනෙක් නොවිදිනා දුක් විදනවා.
මේ ඒ සෙනෙහස ගැන ලියවුණු අපූැරු සටහනක්..
ලොකු පුතේ…
උඹ දැන් හෙන ලොකුයි
මාරම මාර විදිහට උඹ උස ගිහින්,
බලාපල්ලා උඹ ලග එන සුවද,
ඉස්සර නම් උඹ ළඟ තිබ්බේ
උඹලාගේ අම්මාගේ කිරි සුවද,
උඹට මතකද මය පුතේ
ඉස්සර මං උඹව කරේ තියාගෙන
ලූණු කරේ යනවා,
මිදුල පුරාවට උඹව කරේ තියන් මං දුවනවා,
ඉස්සර තට්ටේ වෙන්නම මම
උඹේ ඔය හිස මුඩු කරා,
උඹට මතකද රත්තරං පුතේ
දවසක් උඹේ කටේ ආපු සැරව ගෙඩිය
මං මගේ කටින් උරපු හැටි,
මට බැරිවුණා මය පුතේ
උඹේ වේදනාව උහුලන්න,
උඹව ලොකු මහත් වෙනකොට
උඹ හෙන හැන්ඩ්යා කියලා රට්ටු කිව්වා
උඹලය අම්මා කියන්නේ
අප්පච්චි වගේමලු,
අප්පච්චි වගේම නැතැයි,
උඹ මය පුතානේ,
අවුරුදු 18 පැන්නාම උඹට උඹ
ඉලන්දාරියෙක් වුනාට
මට එහෙම නෑ මය පුතේ
උඹ ලොකු එකා තමයි
ඒත් මට උඹ තාම පොඩි එකා,
ඩිංග ඩිංග දැලි රැවුල එනකොට
අම්මපා මමනම් සතුටු වුනා
උඹ හරි උජාරුවට ඉන්නකොට
කාටද ඉතින් ආඩම්බර,
අද උඹ ඇත් රාජයෙක් වගේ
අපේ ගෙදරට
උඹේ එකිව අරන් එනවා,
නිකන් නෙමෙයි අශ්ඨක කියලා
හත් දොහක් මගුල් කාලා
මට ආඩම්බරය මය කොල්ලෝ
මට ආඩම්බරයි,
තාත්තා කෙනෙක් කවදාවත් අඩන්නැ,
අද මං ඇඩුවොත්
දවසක උඹත් අඩයි,
මය පුතේ
මං උඹලය අම්මාට ආදරේ කරනවා වගේ,
ඊටත් වඩා
උඹ, ඔය මැණිකට ආදරේ කරපන්,
පුළුවන් තරම් උඹේ ගෑනිට ගරු කරපන්,
දවසක තාත්තා වගේම
ආඩම්බරකාර අප්ච්චියෙක් වෙයන්,
උඹ වැටෙන හැම තැනම
අප්පච්චිව මතක් කරගනින්,
රත්තරං පුතේ
ලෝකේ ඉන්න හොදම පිරිමියා වෙයන්,
උපුටා ගැනීමකි