පවතින අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා හරිමින් තෝකියෝ විලාසිතා සතිය පසුගියදා ආරම්භ වුණි.
ජපානයේ තෝකියෝ නරගයේ ක්රියාත්මක තෝකියෝ විලාසිතා සතියේ පළමු දිනය හැඩවුණේ එරටටම ආවේණික කිමෝනා විලාසිතා වලින්.
සාම්ප්රදායික මෙන්ම නවීන අංගද එක්වූ කිමෝනා විලාසිතා මෙම දැක්ම සදහා එක්කර තිබීම විශේෂත්වයක්.
මෝස්තර නිර්මාණකරණයේ ජනප්රිය චරිතයක් වන යොෂිකි නම් නිර්මාණකරුගේ ඇදුම් නිර්මාණ මේ සඳහා එක්කර තිබුණා.
මෝස්තර නිරූපණ ශිල්පීන් වේදිකාවට පැමිණෙන අවස්ථාවන්හිදී ඊට පියානෝ වාදනයෙන් සංගීතය සැපයීමටත් ඔහු එක්ව තිබුණා.
වසර 10ක සිට කිමෝනා නිර්මාණයේ නියුතු යොෂිකි සැලකෙන්නේ ජපාන කිමෝනා ඇදුම් සදහා නව මුහුණුවරක් ලබාදෙන්නෙක් ලෙසයි.
රකුටෙන් විලාසිතා සතිය ලෙසින්ද ප්රකට තෝකියෝ විලාසිතා සතිය ලබන 20වැනිදායින් අවසන් වීමට නියමිතයි.
ඒ සදහා ජපාන විලාසිතා සන්නාම 42ක නිර්මාණ ඉදිරිපත්වනු ඇති.
