Gossip

තායිපේ සත්ත්වෝද්‍යානයේ අපූරු යෝධ උපන් දිනය – වීඩියෝ

තායිපේ සත්ත්වෝද්‍යානයේ වාසය කරන යෝධ පැන්ඩාවන් දෙදෙනෙකුගේ 15 වැනි ජන්ම දිනය පසුගියදා සමරා තිබුණා.

2018 වර්ෂයේදී එම යෝධ පැන්ඩාවන් තායිවානයට තිළිණ කර ඇත්තේ චීනයෙන් බව වාර්තා වෙනවා.2004 වර්ෂයේ උපත ලබා ඇති මෙම පැන්ඩාවන් දෙදෙනා දෙරට අතර මිත්‍රත්වය සංකේතවත් කරමින් චීනය විසින් තායිවානයට තිලිණ කර තිබෙනවා.

යෝධ පැන්ඩාවන් දෙදෙනාගේ උපන් දිනය වෙනුවෙන් විශේෂිත අයිස් කේක් නිර්මාණ දෙකක් පිළියෙළ කර තිබූ අතර ඒවා පළතුරු සහ එළවලු වලින් රසවත් කර තිබුණා.

උණ ලී මත සවිකළ අයිස් බැලුන් සහ හුරුබුහුටි කුඩා පැන්ඩාවෙකුගේ හැඩැති අයිස් මූර්තියක් ද උපන් දින සාදයට එක්කර තිබුණා.

තායිපේ සත්ත්වෝද්‍යානයේ වාසය කරන යුආන් යුආන් සහ ටුආන් ටුආන් නමැති යෝධ පැන්ඩාවන් දෙදෙනාගේ 15 වැනි උපන් දිනය සංකේතවත් කරමින් උක් ගස් යොදාගෙන කළ නිර්මාණයද මෙහිදී කැපී පෙනුණු අංගයක් වුණා.

නරඹන්නන් බොහෝ පිරිසක් ද උපන් දින සාදය වෙනුවෙන් තායිපේ සත්ත්වෝද්‍යානය වෙත පැමිණි බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණා.

2013 වර්ෂයේදී මෙම යුවලට දාව පැටවෙක් ද උපත ලබා තිබෙනවා.

තායිවාන ජනතාව අතරත් මෙම පැන්ඩා පවුල අතිශය ජනප්‍රියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!