වයස අවුරුදු 25 ත් 47 ත් අතර වයස් සීමාවේ පසුවන්නන් තම ශරීරයේ බර නියමිත මට්ටමෙන් පවත්වාගෙන නොගියහොත් කුමන හේතුවක් නිසා හෝ කලින් මිය යෑමේ හැකියාව සියයට 22 කින් වැඩි බව චීනයේ හුවසොන්ග් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද අලූත්ම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම වයස අවුරුදු 40 පසු වන විට ශරීර බර රාත්තල් ගණනින් වැඩි වී තිබුණහොත් කලින් මිය යෑමේ අවදානම ඊටත් වැඩි බව පර්යේෂකයෝ මෙම අධ්‍යයනයේදී හෙළි කර ගෙන ඇත.
මෙම අධ්‍යයනය පැවැත් වූ පිරිසේ සම නායකයකු වන වෛද්‍ය චෙන් චෙන්ට අනුව මුල් කාලයේ තරබාරුව සිට වයස අවුරුදු 40 ඉක්මවන විට නිරෝගී ශරීර බරකට සිය බර ප්‍රමාණය අඩු කර ගන්නා අයද මුලින් මිය යෑමේ හැකියාව සියයට 30 ක මට්ටමේ පවතී.
වයස අවුරුදු 40 ට වැඩි ඇමෙරිකානුවන් 36,051 කගේ ශරීර බර ප්‍රමාණයන් වසර 12 ක කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම නිගමනයන්ට එළඹ තිබෙනවා.
මෙම අධ්‍යයන කාලය තුළදී පර්යේෂණයට ලක් කළ අයගෙන් 10,500 ක් පමණ දෙනා විවිධ හේතුන් මත මිය ගොස් ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ සඳහන් අධ්‍යයන වාර්තාවේ දැක්වේ.
