ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අමුත්තන්ගේ කුටියේ තරඟය නරඹමින් සිටින අවස්ථාවේ එකවර සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කර බවට වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඒ මොහොතේ තරඟය නැරඹීමට පැමිණ තිබුණු අතර ඔහු විසින් ගිලන් රථයක් ගෙන්වා අවිශ්කගෙ පියා රෝහල්ගත කර තිබෙනවා.
කොහොම නමුත් තරඟ අවසානයේ කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 242ක් ලබා ගත් අතර බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මාස 44කට පසු රට තුළදී එක්දින තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව මෙවර හිමි කරගන තිබෙනවා.