හලාවත දිස්ත්රික් මහ රෝහල් පරිශ්රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ, හලාවත ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු හලාවත පොලිසියට බාර දීමට රෝහලේ ආරක්ෂක අංශය ඊයේ කටයුතු කර තිබුණා.
පොලීසියට බාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා, මුගුණුවටවන මහගම ප්රදේශයේ පදිංචි හලාවත ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ හලාවත දිස්ත්රික් මහ රෝහලේ කණිෂ්ඨ සේවිකාවක් ලෙස කටයුතු කරනවා. කලක සිට ඔවුන් අතර නිතර අඩදබර ඇති බවට අනාවරණය වී ඇති අතර මන්ත්රීවරයාගෙන් තමන්ට හානියක් වෙතියි බියෙන් බිරිඳ මාදම්පේ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇතැයි පොලීසිය පවසනවා.
ම සිය බිරිද සේවය කරන රෝහල් පරිශ්රයට උල් පිහියක් අතැතිව ඇතුළු වූ මන්ත්රීවරයා ඇය සමඟ බහින්බස්වීමක ඇති කරගෙන පිහියෙන් ඇනීමට තැත් කර තිබෙනවා.
එම අවස්ථාවේ දි අසළ රාජකාරියේ නියැලෙමින් සිටි රෝහලේ ආරක්ෂයෙකු මන්ත්රීවරයා අත තිබු පිහිය උදුරාගෙන තිබෙන අතර පිහිය ගැනීම සඳහා පොර බැදූ ආරක්ෂක නිලධාරියාගේ අත කැපී සුළු තුවාලයක් වී තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් වාර්තා කරනවා.
