ටෙලි නාට්‍යයක තිබුණු දර්ශනයක් අත්හදා බලන්න ගිය දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
07 හැවිරිදි වියේ පසුවුණු මේ දැරිය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ජීවත්ව තිබෙනවා.
ටෙලි නාට්‍යය මාලාවක නිළියක් සිය අත්වලට ගිනි තබාගෙන රංගනය යෙදෙන දර්ශනයක් විකාශය වනු දැක ප්‍රාර්ථනා නම් මෙම දැරිය නිවස තුල එය අත්හදා බලා තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඇයගේ ඇදුමට ගිනි ඇවිලී බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.
පසුව මෙම දැරිය ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගතකර ඇති අතර පසුගිය 29 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.
දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරියගේ පියා කම්කරුවෙක් වන අතර ටෙලි නාට්‍ය මාලා නැරඹීමට දැරිය පුරුදුවී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

