මේ දවස්වල හැමතැනම කතාවෙන දෙයක් තමයි අපොස උසස්පෙළ ළමුන්ගේ ප්‍රතිඵල නිකුත් වීම ගැන.
ඉතින් සමාජජාල මාධ්‍යයන්වලත් මේ ගැන බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා.
මේ අතර අපිට හමුවුණා ෆේස්බුක් එකේ අපූරු සටහනක්.
ඒ සටහන හඳුන්වා දී තිබුණේ ඔබ කොතනද කියලා.
මේ එම සටහනයි.
#ඔබ_කොතනද?
මට/ඔබට,
අවුරුදු එකේදී – දුවෙක්ද පුතෙක්ද?
#උත්තරය – අනේ ඔව් දුවෙක්නේ / පුතෙක්නේ අම්මා කියයි.
අවුරුදු – අවුරුදු 2ක් මොන්ටිසෝරි යවනවද?
#උත්තරය – බලමුකෝ හැමෝම දානවනේ.තාම හිතලා නෑ. අම්මා කියයි.
4 වසරෙදි – ලබන අවුරැද්දේ ශිෂ්‍යත්වේ නේද?
#උත්තරය – දත් විරිත්තන් මම “ඔව්” කියයි.
5 වසරෙදි – ශිෂ්‍යත්වේ පාස්ද? ලකුණු කීයද?
#උත්තරය – දත් විරිත්තන් මම “ඔව් / නැහැ” ලකුණු මෙච්චරයි කියයි.
6,7,8,9 – අම්මෙහ්.. සුට්ටක් සේප් එකේ ගෙවිලා යනවා. ඉස්කෝලේ කීයේ පන්තියේද ඉන්න කිය කිය.
10 වසරෙදි – ලබන අවුරුද්දේ ඕලෙවල් නේද?
#උත්තරය – දත් විරිත්තන් මම “ඔව්” කියයි.
11 වසරෙදි – කොහොමද එක්සෑම් පාස්ද? A කීයද?
#උත්තරය – දත් විරිත්තන් මම “ඔව් / නැහැ” කියා A මෙච්චරයි, B මෙච්චරයි, C මෙච්චරයි ෆේල් මෙච්චරයි .
#මට_හිතෙන_එනදේ – අහන ඔක්කොටම රිසල්ට් කියලා එපාවෙලා අප්පා. මොන රෙද්දක්ද? මුන්ට ඕනනැති මඟුලක් නෑනේ.
12 වසරෙදි – ඒ ලෙවල් වලට මොනවද කරන්නේ?
#උත්තරය – මැත්ස් / බයෝ / කොමස් / ආර්ට් කරන්නේ මම කියයි.
12 වසර මැදදි – පාඩම් කරලා ඉවරද?
#උත්තරය – තාම නෑ. ලබන අවුරුද්දෙනේ විභාගේ.
#මට_හිතෙන_උත්තරය – තාම උගන්නලත් ඉවර නැතුව පාඩම් කරලා ඉවර වෙන්නේ කොහෙද. එහෙම පුලුවන් නම් අපි ක්ලාස් යනවාඇයි.
13 වසරෙදි – ඒලෙවල් ඉවරයි නේද? ලේසිද?
#උත්තරය – කටකොනින් හිනා වෙවි මම “ඔව්, ලිව්වා ඉතින්” කියයි.
#මට_හිතෙන_උත්තරය – ලියන එකානේ විභාගේ ගැන දන්නේ.
ඒලෙවල් ඉවරවෙලා – මොකුත් කෝස් එකක්වත් කරන්නේ නැද්ද?
#උත්තරය – හ්ම්ම්.තාම දැම්මේ නෑ.මොකක් හරි කරන්න ඕන.මම කියයි.
#මට_හිතෙන_උත්තරය – එක්සෑම් එකට මැරැන මැරිල්ල අපිනේ දන්නේ.
රිසල්ට් ආවම – කොහොමද රිසල්ට්ස්? කැම්පස් අහුවෙයිද?
#උත්තරය – A එකයි, B එකයි, C එකයි වගේ රිසල්ට් එක කියලා “කොහොම වෙයිද දන්නේ නෑ.දාලා බලනවා” මම කියයි.
කැම්පස් යන්න මදි උනාම – ආයේ එක්සෑම් කරන්නැද්ද?
#උත්තරය – හ්ම්ම්.. කරන්න ඉන්නේ.
කැම්පස් ගියාම – තාම ඉගෙන ගන්නවද? #උත්තරය – “ඔව්” මම කියයි
#මට_හිතෙන_උත්තරය – කැම්පස් යනකම් “ගියේ නැද්ද” අහලා අහලා දැන් මෙතන තාම ඉගෙන ගන්නවද අහනවා.
1st year එකේදි – කැම්පස් පටන් ගත්තද?
2nd year සහ 3rd year එකේදි – තව අවුරුදු කීයක් තියෙනවාද?
#උත්තරය – ඔව් පටන් ගත්තා. දැන් 1st year / 2nd year / final year බ්ලා බ්ලා…..
කැම්පස් අවුට් උනගමන් – දැන් මොකද කරන්නේ? ජොබ් එකක් තාම නැද්ද? ඇප්ලයි කලේ නැද්ද?
#උත්තරය – මේ දවස්වල ගෙදර ඉන්නේ. තාම මුකුත් හම්බුනේ නෑ. ඇප්ලයි කරලා තියෙවන්නේ. බ්ලා.. බ්ලා…
#මට_හිතෙන_උත්තරය – හිතන ගමන් ජොබ් හම්බෙනවනම් බැරියැ. ආසාවට ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතන් අැති. ජොබ් නැද්ද අහන වෙලේ එකක් හොයලා දීපන්කෝ.
ජොබ් එකක් කරද්දි – බඳින්නේ නැද්ද?
#උත්තරය – “තව කල් තියෙනවා” බලමුකෝ. මම කියයි.
#මට_හිතෙන_උත්තරය – මඟුලක් කතා කරනවා.කරන්න ඕන දේවල් කොච්චරද? Wedding ගන්න කලින් බඳින්න එකෙක් ඉන්න එපැයි.
බැන්දට පස්සේ – දැන් කාලේ හරි කවද්ද තුන්දෙනෙක් වෙන්නේ?
#උත්තරය – දත් විරිත්තලා හිනාවෙවී මම ඉන්නවා
#මට_හිතෙන_උත්තරය – බැඳපු එකාටවත් නැති අමාරැවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ. පුලුවන් නම් ළමයෙක් දීලාම යයි.
ළමයි හම්බුනාට පස්සේ – මගෙන් මේ අහපු ප්‍රශ්න ටිකම මගේ ළමයගෙනුත් අහන්න පටන් ගන්නවා.
මොකක්ද මේකේ තේරැම.??? ලෝකේ ප්‍රශ්න නැතුවට අහන ප්‍රශ්න. නිකමට මේ අහන එකෙක්ට හිතෙනවද මොන දේකට හරි #උදව්වක්_කරන්න. නෑ.. කොහෙත්ම නෑ… හොය හොය අහන්න විතරයි පුලුවන්. ඇයි මේ වගේ දේවල් අහලා පීඩාවට පත් කරන්නේ.? ඒකෙන් ලැබෙන තෘප්තියෙන් මොනා කරන්නද?
මේක කියවන ඔබ මෙතනින් කොයි මොහොතේ හිටියත් වැටෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔහොම අහන කෙනෙක්ගෙන් “උදව්වක් විදයට මට මේ දේ කරලා දෙන්න” කියලා ඉල්ලන්න. එතකොට තේරෙයි කවුද ඒ වෙලාවට ළඟ ඉන්නේ කියලා.
#තමාට_තමන්_විතරයි.
ඉගෙන ගන්න ළමයෙක්ට “හොඳට ඉගෙන ගනින් පුතේ”, බඳින වයසේ ළමයෙක්ට “අපිත් හොයලා බලන්නනම්, පුලුවන් විදියට උදව්වක් දෙන්නම් පුතේ්”, කියන කෙනෙක් ඉන්නවනම් ඉන්නේ අතලොස්සයි.
සමාජේ විදියට අපි ජීවත් වෙන්න ඕනද?
#මාර්ගය_පැහැදිලි_නම්_ඉදිරිය_පේනවනම් තමන්ට කැමති ගමනක් යන්න.
තිළී